Colombo Today Local News

හෝමාගම කර්මාන්තශාලාවේ ගින්නෙන් වායු ගෝලයට සහ අවට පරිසරයට හානි

හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ ගින්නෙන් විනාශ වූ කර්මාන්ත ශාලාව සඳහා පරිසර බලපත්‍රයක් ලබාගෙන නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

රසායනික කර්මාන්ත ශාලාව තුළ ඇතිවූ ගින්නෙන් වායු ගෝලයට සහ අපජලය එක්වීමෙන් අවට පරිසරයට හානි සිදුව ඇති බව අද (18)දින පැවති මාධ්‍ය හමුවක දී එහි මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර මහතා ප්‍රකාශ කළේය.

පසුගිය දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන අදාළ කර්මාන්ත ශාලාව සහ ගබඩා සඳහා නිසි බලපත්‍ර ලබාදීමට ක්‍රියා නොකිරීම පිළිබඳ කර්මාන්ත පුරයේ පරිපාලනය ද වගකිව යුතු බව අජිත් වීරසුන්දර මහතා පැවසීය.

මේ අතර, ගිනිගත් කර්මාන්ත ශාලාව ආශ්‍රිත ප්‍රදේශවලට නිකරුණේ ගමන් නොකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටි.

Related posts

නාවික හමුදා කදවුර ඉවත් කරන්නැයි සිලාවතුරේ විරෝධතා…

colombotoday

පක්‍ෂව 159යි… විපක්‍ෂව 52යි… අයවැය සම්මතයි

colombotoday

ආණ්ඩුවේ හොඳ නම කැත කරන්න පොලීසියෙන් කුමන්ත්‍රණයක් !

colombotoday

මැකෝ වෙනුවෙන් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය උසාවි එයි

colombotoday

මියන්මාරයේ අමරපුර ඇති ලොව ප්‍රථම ජේඩ් දාගැබ !

colombotoday

රටේ වත්මන් ආර්ථික තත්ත්වය ගැන සැබෑ තොරතුරු ආණ්ඩුව ජනතාවට හෙළි කළ යුතුයි-රනිල්

colombotoday