Colombo Today Local News

අවමඟුල් පෙරහැරක තනි රෝදෙන් ගිය තරුණයින්ට එරෙහි වූ තිදරු පියාට හෙල්මට් ප්‍රහාරයක්

යතුරුපැදි අනතුරකින් මියගිය තරුණයකුගේ අවමඟුල් පෙරහැරක අනතුරුදායක යතුරුපැදි සංදර්ශන සිදුකරමින් ගමන්ගත් තරුණයින්ට අවවාද කළ තිදරු පියෙකුට හෙල්මට්වලින් පහරදී ඇති පුවතක් වාද්දුව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ඉකුත් (07වන දා) පස්වරුවේ යතුරුපැදි අනතුරකින් මියගිය වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි දුලාංජ හේෂාම් විජේවර්ධන නැමති තරුණයාගේ අවසන් කටයුතු ඊයේ (09) පස්වරුවේ වාද්දුව වේරගම පොදු සුසාන භූමියේ දී සිදුකර ඇත.

එහිදී මෘතදේහයට අවසන් ගෞරව දැක්වීමට යැයි පවසමින් තරුණයින් පිරිසක් යතුරුපැදි 30ක පමණ පෙළපාලියකින් පැමිණ අනතුරුදායක අන්දමින් තනි රෝදයෙන් සංදර්ශනයක් ඉදිරිපත් කර තිබේ.

ඒ දෙස බොහෝ පිරිසක් පිළිකුලෙන් යුතුව බලාසිට ඇතත් කිසිවකු විරෝධය දක්වා නොමැත. එම අවස්ථාවේ දී එහි සිටි තිදරු පියෙක් එයට විරෝධතාව පළ කර ඇත.

එයින් උරණවූ තරුණයන් තිහකට ආසන්න පිරිසක් විරෝධය දැක්වූ පුද්ගලයාට අතින් පයින් සහ හෙල්මට්වලින් පහරදී ඇති බවත්, ප්‍රදේශයේ කිහිපදෙනෙක් දැඩි පරිශ්‍රමයක් යොදා ඔහුව බේරාගත් බවත් සිද්ධිය ඇසින් දුටුවන් පවසයි.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වාද්දුව පොලීසිය සිදුකරයි.

Related posts

ජනපතිට එරෙහිව ගෙනා විශ්වාසභංගයේ වැරදි කථානායක සජිත්ට පෙන්නයි

colombotoday

ජනබල විරෝධයට ආ පිරිසක් කිරි පැකට් විෂ වී රෝහලේ…

colombotoday

එළඹෙන උත්සව සමයේ රට වැසීම ගැන අමාත්‍ය රමේෂ් පතිරණගෙන් ප්‍රකාශයක්

colombotoday

නිදහසේ 75 වන සමරුවට වන්නිලඇත්තන්ට ආරාධනා

Admin

හැසිරීම ඉතාම අසික්කිතයි.. 05 වෙනිදා උදෙට ගනුදෙණුව බේරාගමු…

colombotoday

පාතාල නායක අංගොඩ ලොක්කා ඉන්දියාවේදී වස දී ඝාතනය කරයි ?

colombotoday