Colombo Today Local News

අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වන ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න..

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දමා තිබේ.

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් පළ කළේ, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 204 කින් පහළ දැමූ බවයි.

එහි නව මිල රුපියල් 2982 කි.

5kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83 කින් පහළ දමා ඇත.

එහි නව මිල රුපියල් 1198 කි.

2.3kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 37 කින් පහළ දමා තිබේ.

ඒ අනුව එහි නව මිල රුපියල් 561 කි.

Related posts

පස්යාලේදී මෝටර් රථයක් පියා සහ දියණියට මරු කැදවයි

Admin

ප්‍රාදේශීය සභා දෙකක සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවයි

colombotoday

නව කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ‍‍ජෙනරල් අමල් කරුණාසේකර

colombotoday

ශ්‍රි ලංකා නාවික හමුදාව අභිමානවත් 70 වන සංවත්සරය සමරයි

colombotoday

බණ්ඩාරවෙල තොග පොළ වසා දමයි.

colombotoday

නාමල් විතරක් මදි.. ඔහුගේ මව ශිරන්තිත් සිරගත කළ යුතුයි – පුරවැසි බලය

colombotoday