Colombo Today Local News

ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව ලියාපදිංචි කොටස් – සුරැකුම්පත් ගැන ගැසට් පත්‍රයක් නිකුත් කරයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් පිළිබඳව නියෝග ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය නිකුත් කර තිබේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පසුගිය සතියේ එළඹි තීරණයට අනුව එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ජූනි මස 28 වන දින වනවිට පැවති කොටස් හෝ සුරැකුම්පත් පරිවර්තනය හෝ හුවමාරු කිරීමට හිමිකරුවන්ට අවස්ථාව ලබා දීමට නියමිත අතර භාණ්ඩාර බැදුම්කර සඳහා පොලී ගෙවීම, පරිවර්තනය හෝ හුවමාරු කිරීම සඳහා වන ක්‍රමවේදය සකස් කිරීමට අමාත්‍යංශ ලේකම්වරයාට සහ රාජ්‍ය ණය අධිකාරිය වෙත බලය ලැබී ඇත.

භාණ්ඩාගාර බැඳුම්කර සකස් කිරීමේදී සහ නිකුත් කිරීමේදී දරන ලද ඕනෑම වියදමක් ගෙවීම සඳහා භාණ්ඩාගාර සකස් කිරීම සහ නිකුත් කිරීමේ බලය ද අදාළ නිලධාරින් වෙත පවරා ඇති බව එම ගැසට් නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Related posts

මඩවල කැටවල අරාබි පාසල විවෘත කිරීම තාවකාලිකව නතර කෙරේ

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් 2500 ඉක්මවයි

colombotoday

ජොන්ස්ටන් ප්‍රනාන්දු බේරාගන්න පොලීසියට බාර වුනු අනුරුද්ධ සම්පායෝ.

colombotoday

තවත් වොක්ස්වැගන් පන්නයේ බොරුවක් මාට්ටුයි… ඕමාන් රජයෙන් නිවේදනයක්…

colombotoday

වගකීමෙන් පැනයන්න බැරිවෙයි.. අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වාගැනීමේ වගකීම අගමැති අතේයි..

colombotoday

Breaking News: රාජිත සේනාරත්න ඇප මත නිදහස් කෙරේ

colombotoday