Colombo Today Local News

හෝටලයක පිහිනුම් තටාකයකයේ ගිලී තරුණයෙක් මිය යයි

හෝටලයක පිහිනුම් තටාකයකයේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලුණුගම මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචි 25හැවිරිදි වියේ පසුවූ තරුණ‍යෙකි.

ඔහු මිතුරන් කිහිපදෙනෙකු සමග අදාළ හෝටලය වෙත පැමිණ ඇත්තේ ඊයේ(30) දිනයේය.

එහිදී පිහිනුම් තටාකය භාවිත කර ඇති අතර එම අවස්ථාවේදී මෙම පුද්ගලයා දියේ ගිලී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් දියේ ගිලීම හේතුවෙන් බරපතළ තත්ත්වයේ පසුවූ ඔහු කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

කඩවත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

කුවේට් ගෘහ සේවිකාවන් බහුතරයකට කොවිඩ්

colombotoday

අසත්‍ය පතුරුවන්නන් ගැන මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය

colombotoday

රිජ්වේ ආර්යා ළමා රෝහලේ OPD වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක

Admin

සතොස සුදුලූනු වංචාව ගැන සීඅයිඩියෙන් පරීක්ෂණයක්

colombotoday

දුම්රිය සේවක වර්ජනය : කිසිදු දුම්රියක් ගමන් ආරම්භ නොකරයි

colombotoday

යුද්ධය ගැන චන්ද්‍රිකාගේ පහත් කතාවලට ගෝඨාභයගෙන් උසස් පිළිතුරක්

colombotoday