Colombo Today Local News

මෙරට නෝර්වේ තානාපති කාර්යාලය අද සිට වැසේ..

මෙරට නෝර්වේ තානාපති කාර්යාලය අද (31)දිනයේ සිට වසා දැමීමට නියමිතව තිබේ.

නොර්වේ රජය පසුගියදා නිවේදනය කර තිබුණේ විදෙස් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ජාලයේ සිදුකරන ව්‍යුහාත්මක වෙනස්කම් හේතුවෙන් මෙම පියවර ගන්නා බවය.

ඒ අනුව, අද සිට කොළඹ පිහිටි මෙරට නෝර්වේ තානාපති කාර්යාලයේ රාජකාරී කටයුතු අත්හිටුවීමට නියමිතය.

ඉන්පසුව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ද්විපාර්ශ්වික සබඳතා සඳහා අවශ්‍ය කටයුතු ඉන්දියාවේ නවදිල්ලි නුවර නෝර්වේ තානාපති කාර්යාලය මගින් සිදුකිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙයි.

ඊට අමතරව Slovakia, Kosovo සහ Madagascar යන රාජ්‍යයන්වල පිහිටි තානාපති කාර්යාලවල රාජකාරී කටයුතු ද මේ වසරේ දී අත්හිටුවීමට නියමිත බවද නොර්වේ රජය වැඩිදුරටත් නිවේදනය කර ඇත.

Related posts

නාත්තන්ඩියෙ කොරෝනා ආසාදිතයකු ගම්මාන ගණනාවක වියළි ආහාර ‍බෙදලා. මාරවිල ගම්මාන හයකට ඇතුල්වීම පිටවීම තහනම්

colombotoday

රනිල්ගේ ජයග්‍රහණය ගැන අකිල කියපු අමුතු කතාව

Admin

අනුරාධපුර අවන්ති දේවි ළමා නිවාසයේ පාළිකාව අත්අඩංගුවට

colombotoday

නාමල් වහාම අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

colombotoday

නෝර්වේ මිතුරා දැන් උතුරේ.. විග්නේෂ්වරන්, සම්බන්ධන් සමග සංහිදියා සාකච්ඡා

colombotoday

මයික් පොම්පියෝ ශාන්ත අන්තෝනි දේවස්ථානයට යයි

colombotoday