Colombo Today Local Newsරට වටා

යතුරුපැදියේ අධික වේගයෙන් ගිය පාසල් සිසුන් දෙදෙනෙක් මරු දකී

මාදම්පේ තඹගල්ල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබේ.

සිසුන් දෙදෙනා ගමන් ගත් යතුරුපැදිය අධික වේගයෙන් පැමිණ මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව පාසල් නිල ඇදුමින් සැරසී මෙම සිසුන් දෙදෙනා යතුරුපැදියේ ගමන් කර ඇත.

ඔවුන් 16 හැවිරිදි වියේ පසුවූ රුවන්වැල්ල සහ හලාවත යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

අනතුරින් යතුරුපැදිය ධාවනය කළ සිසුවා රෝහලට රැගෙන යමින් සිටින අතරතුර මියගොස් ඇති අතර අනෙක් සිසුවා ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුර සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි

Related posts

කඩ කාමරයක් තුළ මියගිය කාන්තා මළ සිරුරක් හමු වෙයි

Admin

රනිල් නැවත අගමැති වුණොත් එක මොහොතක් ජනපති පුටුවේ ඉන්නෑ… මා මැරුවත් රට ෆෙඩරල් කරන්නෑ – ජනපති දැඩි තීන්දුවක

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Admin

සිංහයන් වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම කළ දේට ලොව වටින් උණුසුම් ප්‍රතිචාර (VIDEO)

colombotoday

සහරාන්ගේ දියණිය බිරිඳගේ දෙමාපියන් භාරයට

colombotoday

විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් අද

Admin