Colombo Today Local News

පොලිසියෙන් බේරෙන් තුන් හැවිරිදි දරුවා ප්‍රාණ ඇපයට ගෙන කැපූ පියා

පොලිසියෙන් බේරිමට සිය තුන් හැවිරිදි දරුවා ප්‍රාණ ඇපයට තබා ගනිමින් අමානුෂික ලෙස දරුවාට කැපුම් තුවාල සිදු කළ පියෙකු මහත් පරිශ්‍රමයක් දරමින් අත්අඩංගුවටගත් බව මදුරන්කුලිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මදුරන්කුලිය ජීන්නා වත්තේ පදිංචි 28 හැවිරිදි සැකකරුවකු බව පොලිසිය කියයි.

මදුරන්කුලිය ජීන්නා වත්තේ නිවසක පදිංචි මෙම සැකකරු ඔහුගෙ අනියම් බිරිදට පහර දෙමින් ඇති බවට මදුරන්කුලිය පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම ප්‍රදේශයට පොලිස් නිළධාරින් දෙදෙනෙකු ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන රැගෙන ඒමට කටයුතු කිරීම කිරීමත් සමග උණුසුම් තත්වයක් මතුව ඇත.

සැකකරුගේ ඥාතින් පැමිණ පොලිස් නිළධාරින්ගේ රාජකාරියට බාධා කරමින් සැකකරුට පලා යාමට කටයුතු කර තිබු බව කියයි.

කෙසේ වෙතත් එම ස්ථානයෙ ඇතිවු උණුසුම් තත්වය මත පොලිස් නිළධාරින් දෙදෙනා එම ස්ථානයෙන් පිටව පොලිස්ථානයට ගොස් තිබුණි.

පසුව පොලිස් රාජකාරියට බාධා කිරීම මත සැකකරුගෙ පියා,හා ඥාතින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

නැවත සැකකරු අත්අඩංගුවට ගැනිමට ජින්නා වත්ත ප්‍රදේශයට පොලිස් කන්ඩායමක් පැමිණිම දුටු සැකකරු ඔහුගේ තුන් හැවිරිදි දරුවාව ප්‍රාණ ඇපයට ගෙන තිබුණේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් තම පියා ඇතුළු ඥාතින් තිදෙනා නිදහස් කරන ලෙසත් එසේ නොකළහොත් දරුවා මරා දමන බවට පොලිසියට තර්ජනය කරමිනි.

සැකකරු අත රදවා ගෙන තිබු පිහියක් ගෙන ඒ වන විටත් පිට ප්‍රදේශයට තුවාල සිදුකරමින් ගෙලට පිහිය තබා දරුවා මරා දමන බවට නැවත පොලිසියට තර්ජනයකර තිබුණි.

ඒ සමගම සැකකරු පොලිසිය දරුවාගෙ ආරක්ෂාව සදහා ඔවුන්ගේ අත රදවාගෙන තිබු ආයුධ සියල්ල ඉවතට තබා නිරායුධ විමට කටයුතු කලද සැකකරු ඔහුගේ අත තිබු තියුණු ආයුධය එහෙ මෙහෙ වනමින් කිසිවකුට ලං නොවිමට නොහැකි වන ලෙස කටයුතු කරමින් කටයුතු කර ඇත.

ඒ සමගම කඩිනමින් ක්‍රියාත්මක වු සැකකරුගේ ඥාතියකු එකවර සැකකරු වෙත කඩා පැන ඔහු පෙරළා ගැනිමත් සමග පොලිසිය ක්ෂණීකව ක්‍රියාත්මක වි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ වන විටත් කැපුම් තුවාල ලබා තිබු තුන් හැවිරිදි දරුවා කඩිනමින් පුත්තලම මූලික රෝහලට ප්‍රතිකාර සදහා යැවිමට කටයුතු කළ බව පොලිසිය කියයි.

Related posts

කන්දකාඩුවෙ ගැටුම සොයා බලන්න කමිටුවක්

Admin

33(2) (ඇ) ව්‍යවස්ථාවට අනුව පාර්ලිමෙින්තුව විසිරවීමේ බලය ජනපතිවරයාට තිබෙනවා – සරත් එන් සිල්වා

colombotoday

ත්‍රී රෝද රථ හිමියන්ට අලුත් වාහන ගන්න මිලියන දෙකක ණයක්…

colombotoday

එක්නැළිගොඩ අතුරුදන්වීම : අත්අඩංගුවට ගත් බුද්ධි අංශ නිලධාරියා රිමාන්ඩ්…

colombotoday

මෙරට ප්‍රථම සුළං විදුලි බලාගාරයෙන් මෙගාවොට් 110 ක් ජාතික විදුලි බල පද්ධතියට

colombotoday

මොඩර්නා එන්නත් මහනුවරට | රුසියාවේ ස්පුට්නික් එන්නත ඉදිරියේදී නොලැබෙන ලකුණු

colombotoday