Colombo Today Local News

සබරගමුවේ ඉරිදා උදේ හා පෝ දා ටියුෂන් තහනම දැඩිව ක්‍රියාත්මක කරන්නැයි උපදෙස්

ඉරිදා දිනවල පෙරවරුවේ හා පොහෝ දිනවල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් සබරගමුව පළාත තුළ පනවා ඇති නීති දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා උපදෙස් දී තිබේ.

තමන් උගන්වන පන්තියේ සිසුන්ට මුදල් අයකර අමතර පන්ති පැවැත්වීම තහනම් කරමින් නිකුත් කළ නියෝගය ද දැඩිව ක්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුකාරවරයා උපදෙස් දුන් බව සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කරයි.

පළාතේ දහම් අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා ඉරිදා දිනවල පෙරවරුවේ පෞද්ගලික උපකාරක පන්ති තහනම් කෙරිණ.

ප්‍රධාන ලේකම්වරයා සඳහන් කරන්නේ, මෙම නීති කඩකරන්නේ දැයි සොයා පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශන ආරම්භ කරන බවයි.

Related posts

ඇමති මුස්තාපා සුනඛ ඝාතක පනතක් ගෙනෙයි.. බුදු පහස ලත් බිමේ ඝාතන සංස්කෘතිය නීතිගත කරන්න යයි !!

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

Admin

පයාගල වෙරළෙන් කොකේන් තොගයක් මතුවෙයි

colombotoday

කෘෂිකර්මේ සල්ලි ගිලින සබීතාගෙ හිස් බිල්ඩිම : මාසික විදුලි බිල ලක්ෂ 13 යි !

colombotoday

හෙරොයින් 15 g ක් සමග 58 හැවිරිදි කතක් අත්අඩංගුවට

colombotoday

ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවතට

colombotoday