Colombo Today Local News

ජාජබ විරෝධයට තහනම් වූ මැතිවරණ කාර්යාලය අසළ සරණ පාර අවහිර වෙයි

ජාතික ජන බලවේගය සංවිධානය කර ඇති විරෝධතාවයක් හේතුවෙන් රාජගිරිය මැතිවරණ කාර්යාලය අසළ සරණ පාර මේ වනවිට අවහිර වී තිබේ.

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

මේ අතර එම විරෝධතා පාගමන තහනම් කරමින් අධිකරණ නියෝගයක්ද නිකුත් කර තිබේ.

ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්‍ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (07)දින එම නියෝගය නිකුත් කළේය.

වැලිකඩ පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් අනුව එම තහනම් නියෝග ආඥාව නිකුත් කර තිබේ.

ඒ අනුව විරෝධතාකරුවන්ට ශ්‍රී ජයවර්ධනපුර පාර, කොටා පාර, සරණ පාර ඔස්සේ මැතිවරණ ලේකම් කාර්යාලය දෙසට ඇතුළුවීම තහනම් කරමින් අධිකරණය නියෝග නිකුත් කර ඇත.

Related posts

ලාහෝර් – කරච්චි ශී‍්‍ර ලංකන් ගුවන් ගමන් අත්හිටුවයි

colombotoday

පහරදීමකින් පසු බසයකට යට වූ පුද්ගලයා දැක දැක රාජකාරිය පැහැර හැර ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙක්

colombotoday

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් එකඟතාවයකට

colombotoday

රතුපස්වල වැසියන්ගෙන් හිටපු ජනපති මහින්දට විරෝධයක් !

colombotoday

සර්ව පාක්ෂික රජයකට සාකච්ඡා ඇරැඹෙි

colombotoday

නිලාවේලි පරෙවි දූපත තාවකාලිකව වසයි

Admin