Colombo Today Local News

සිරගතවූවන් ගේ සිරගත නොවූ ශ්‍රමය නිෂ්පාදන ක්‍රියාවලියට එක් කිරීමේ ව්‍යාපෘතියක්

බන්ධනාගාරගතව සිටින රැදවියන් පුහුණු ශ්‍රමිකයන් ලෙස පුහුණු කර සේවයේ යොදවා ගැනීමටත්, බන්ධනාගාර ආයතන පරිශ්‍ර තුළ කර්මාන්ත ආරම්භ කිරීමටත්, රැදවි පුනරුත්ථාපන ක්‍රියාවලිය සම්බන්ධව උනන්දුවක් දක්වන රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන වලට අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මෙම ව්‍යාපෘතියේ අරමුණු වශයෙන්
• රැදවියා කුසලතා පූර්ණ වෘත්තිකයකු හා යහපත් පුරවැසියකු ලෙස සමාජ ගත කිරීම.
• රැදවියාගේ පවුලට ආර්ථිකමය ශක්තියක් සැපයීම.
• සාධාරණ අයකිරීමක් යටතේ සැගවුනු ශ්‍රම බලකාය නැවත රටේ නිෂ්පාදන ක්‍රියාවලියට එක් කිරීම.

එසේම නිෂ්පාදන හා සංවර්ධන ක්‍රියාවලියේ යෝජිත ව්‍යාපෘති ලෙස
• නිෂ්පාදන කර්මාන්ත
• සේවා සැපයීම්
• කෘෂි කර්මාන්තය
• ඉදිකිරීම් කේෂ්ත්‍රය

රැදවි සුභසාධනය වෙනුවෙන් වූ මෙම වැඩ සටහනට සක්‍රීය දායකත්වයක් දක්වමින් උතුම් සමාජ මෙහෙවරක් කිරීමට උනන්දුවක් දක්වන රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන වලින් ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කිරීම සදහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ආරාධනා කරනු ලබයි.

මෙම වැඩ සටහන පිළිබද වැඩි විසිතර සදහා htt://prisons.gov.lk/web/ මෙම වෙබ් අඩව්යට පිවිසීමෙන් දැනගත හැක.

Related posts

රටට වැඩක් කළ ගෝඨාභය ගැන හොයන්න කලින් රටට පාඩු කළ අර්ජුන් මහෙන්ද්‍රන් ගැන හොයන්න

colombotoday

සරුංගල් යැවීමට වත්තකට ගිය සිසුවකුට මුරකරු වෙඩි තියලා

colombotoday

බොදු බල සේනාව අන්තවාදී නෑ. තහනම් කරන්න කියන නිර්දේශයට මම සම්පුර්ණයෙන්ම විරුද්ධයි. | අමාත්‍ය සරත් වීරසේකර කියයි.

colombotoday

තවත් නගර 15ක වෙළෙදසැල් වසාදැමීමට ව්‍යාපාරිකයින් සහ වෙළඳ සංගම් තීරණය කරයි

colombotoday

සිංහල මහ ජාතියේ කැමැත්ත නැතිව කිසිවක් කරන්න බෑ – ජනපති

colombotoday

ආණ්ඩු විරෝධින් ඥාණසාර හිමියන්ට පහර ගැහැව්වේ උන්වහන්සේ ඔවුන්ගේ පොදු සතුරෙක් නිසා විනා රතනවත් කිරුළුපනේවත් කරපු දේ හරි නිසා නොවෙයි.

colombotoday