Colombo Today Local News

මෙවර බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ 2023 වාර්ෂික ඇසල පූණ්‍යෝත්සවය සහ පෙරහර මංගල්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට ජනාධිපති කාර්යාලය තීරණය කර තිබේ.

බෙල්ලන්විල ඇසල පුණ්‍යෝත්සවය සහ පෙරහර මංගල්‍ය 73වන වරටත් අගෝස්තු 2 වැනිදා සිට 20 වැනිදා දක්වා උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මෙහි සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

බෙල්ලන්විල රජමහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදී බෙල්ලන්විල ඇසල පෙරහර කමිටුව සංවිධාන කටයුතු කරයි.

පෙරහර මංගල්‍ය සඳහා වාර්ෂිකව දායකත්වය දෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල සම්පත් දායකත්වය මෙවර ද ලබා ගනිමින් පුණ්‍යෝත්සවයේ කටයුතු සාර්ථක කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත.

Related posts

කෙසෙල්වත්ත පොලිසියේ 20 ක් නිරෝධායනයට

colombotoday

යාපනය කෝපායි – 83% ප්‍රතිශතයකින් සජිත් මුලට…

colombotoday

”දුමින්ද-අමරවීර මංගලගේ ගෙරදී විශ්වාශභංගය පාවාදුන්නා…

colombotoday

මත්කුඩු ජාවාරමට එරෙහි වූ අන්තරායකර ඖෂධ මණ්ඩලයට ඇමති එරෙහි වෙයි

colombotoday

“අද වන විට විදේශ වත්කම් හිදිලා.. රට ගොඩගන්න නම් කැපකිරීම් කරන්න වෙයි“ – ජනපති

colombotoday

ලෝක ආර්ථික සංසදයේ 2021 වාර්තාවේ ශ්‍රී ලංකාව ස්ථාන 14ක් පහතට

colombotoday