Colombo Today Local News

ලෝක ආර්ථික සංසදයේ 2021 වාර්තාවේ ශ්‍රී ලංකාව ස්ථාන 14ක් පහතට

ලෝක ආර්ථික සංසදයේ නවතම ‘ගෝලීය ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ 2021 වාර්තාවේ’ ශ්‍රී ලංකාව ස්ථාන 14ක් පහත වැටී තිබේ.

මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව ලකුණු 0.670ක් ලබා ගෙන 116 වැනි ස්ථානයේ රැඳී ඇත.

දකුණු ආසියාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ කාන්තාවන් අඩුවෙන් නියෝජනය වන බව වාර්තාව පවසයි. දකුණු ආසියාවේ කිසිදු රටක පාර්ලිමේන්තුවේ කාන්තාවන්ගේ කොටස 33%කට වඩා වැඩි නොවේ. වඩාත්ම ජනාකීර්ණ රටවල් තුනෙහි මෙම කොටස 14ත් 20%ත් අතර වන අතර ඇතැම් රටවල එය 5.4% (ශ්‍රී ලංකාව) සහ 4.6% (මාලදිවයින) තරම් අඩු අගයක් වාර්තා කරයි.

කෙසේ වෙතත් වඩාත් ධනාත්මක කරුණක් නම්, දකුණු ආසියානු කලාපයේ රටවල් හතෙන් පහක කාන්තාවන් අවම වශයෙන් පසුගිය වසර 50 තුළ එක් වරක්වත් රාජ්‍ය නායක තනතුරු හොබවා ඇති අතර බංග්ලාදේශයේ කාන්තාවන් පිරිමින්ට වඩා දිගු කාලයක් රාජ්‍ය නායක ධුරය හොබවා තිබේ.

මෑත ඉතිහාසයේ කිසි දිනෙක කාන්තා රාජ්‍ය නායකයකු නොසිටි රටවල් ලෙස ඇෆ්ගනිස්ථානය, භූතානය සහ මාලදිවයින එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.

Related posts

පන්සල්, පාසල් ආසන්නයේත් තැබෑරුම් ඇරීමට අවසර දීමට සූදානම්.. ජනපතිකෙනෙක් රටට කුමටද?

colombotoday

රාජ්‍ය පරිපාලන නව ලේකම් පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Admin

කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවට අයත් සංවිධාන 7ක් ලංකාව තහනම් කරයි

colombotoday

මිත්තණියගේ නිවසට යන්න ආ තරුණයකුගේ මළ සිරුර පයාගල මුහුදු වෙරලෙන් හමුවෙයි

Admin

ව්‍යාජ නෝට්ටු සමඟ කතක් සහ තරුණයෙක් අල්ලයි

Admin

එමිරේට්ස් ගුවන් මගි තහනම තවදුරටත් දීර්ඝ කරයි

colombotoday