Colombo Today Local News

බදියුදීන් අධිකරණයට අපහාස කරලා?

විල්පත්තු වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි මරයිච්චුකඩ්ඩි සහ කරඩික්කුලි වනාන්තර එළිපෙහෙළි කිරීමේ සිද්ධියට අදාළ රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සමට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට කල් ලබා දී තිබේ.

එම පෙත්සම අද (28)දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී වගඋත්තරකාර රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා ද අධිකරණය හමුවේ පෙනී ඇත.

එහිදී රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම පෙත්සමට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා ඇති අතර එම ඉල්ලීමට අවසර දුන් අධිකරණය අදාළ විරෝධතා ජූලි මස 21 වනදාට පෙර ගොනුකරන ලෙසත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට නියම කර තිබේ.

ඉන් පසුව පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 28 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

Related posts

ආණ්ඩුවේ බහුතරය නැති කරනවා. මොන රාජපක්ෂ කෙනෙක්වත් ආයේ මේ රටේ පාලන බලයට ගෙන්නෑ.

colombotoday

බැදුම්කර හොර ගැසට් පත්‍රය මුද්‍රණය කල දිනය හෙළිවේ.. මුද්‍රණාලයාධිපති සාක්ෂි දෙයි

colombotoday

පාස්කු කොමිසමේ සියලු වාර්තා පාර්ලිමේන්තු විවාදයට පෙර ලබා දෙන්න

colombotoday

මිදිගම වෙ-ඩි තැබීමක්

Admin

කොරියාවෙන් ආ 180ක් මඩකලපුව ශරියා නිරෝධායන මධ්‍යස්ථානයට

colombotoday

අගමැති ඇතුළු 17ක් ඉතාලියේ සංචාරයකට පිටත්වෙයි

colombotoday