Colombo Today Local News

ප්‍රශ්නගත සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ධූරයට චෛත්‍යවර්ධන සමිතිය හිමි නමක් පත්කරලා.

ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරයේ අභිනව විහාරාධිපති ධූරය සඳහා ප්‍රශ්නකාරී තත්වයක් මතුව ඇති අවස්ථාවක, පූජ්‍ය අලුදෙණියේ සුබෝධි හිමි විහාරාධිපති ලෙස සේරුවිල මංගල මහා චෛත්‍යවර්ධන සමිතිය විසින් පත්කොට තිබේ.

සේරුවිල මංගල මහා චෛත්‍යවර්ධන සමිතිය විසින් දැනුම් දෙන්නේ, එම අභිනව පත්කිරීම පිළිබඳ ඉදිරි කටයුතු සඳහා මහානායක හිමිපාණන් වහන්සේ වෙත යොමුකර ඇති බවය.

නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නා හිමියන් ඉකුත් 11 වනදා ඉන්දියාවේදී අපවත්වීමෙන් අනතුරුව එකී සමිතියට සේරුවිල විහාර සම්ප්‍රදායෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත්කිරීම සිදුකර ඇති බව නිවේදනය කරයි.

ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරය බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේත් කේශ ධාතූන් වහන්සේලාත් නිදන්කොට කාවන්තිස්ස රජ දවස ඉදිවූවකි.

Related posts

ශ්‍රී ලාංකික අපි මියන්මාර් බෞද්ධ ජනතාව සමගයි !

colombotoday

කොළඹට කුරියර් කරන්න ගිය ගෑස් සිලින්ඩර් 20 ක් පොලිස් භාරයට

colombotoday

ලංකාවේ අංක එකේ ධනවතා රටටම දැනෙන්න කියන කතාව.

colombotoday

ලංකාව ඉන්දියානු කොළණියක් වෙලා.. රනිල් වගකියන්නේ මෝඩිටද? – ජවිපෙ

colombotoday

ණය ලබාදීම ගැන IMF නිල ප්‍රකාශයක් අද

colombotoday

තවත් මන්ත්‍රීන් 40කට සැප වාහන.. මාසිකව ලක්ෂ 2ක දීමනාවක් ලබාදීමටත් අනුමතයි

colombotoday