Colombo Today Local News

ශ්‍රී ලාංකික අපි මියන්මාර් බෞද්ධ ජනතාව සමගයි !

මියන්මාරයේ (බුරුමයේ) රඛයින් පළාතේ ඇතිව ඇති තත්ත්වය පිළිබඳ අන්තර්ජාතික මාධ්‍ය සහ අන්තවාදී කණ්ඩායම් මුල්වී සිදුකරන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් මියන්මාර බෞද්ධ ජනතාවට සිදුව ඇති අසාධාරණය පිළිබඳ කනගාටුවන බව ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති හමු වූ විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ ජාතික සංවිධාන නියෝජිතයන් දැනුම් දී තිබේ.

අද (13දා) සවස සිදුවූ මෙම හමුවේදී මියන්මාර බෞද්ධ ජනතාව සමග ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාව අත්වැල් බැඳ ගන්නා බවද ඔවුන් පවසා ඇත. පසුගියදා ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිට යම් කණ්ඩායමකගේ අශෝභන හැසිරීම පිළිබඳ ශ්‍රී ලාංකිකයන් ලෙස තමන් ලජ්ජාවට පත්වන බවද නියෝජිත කණ්ඩායම දැනුම් දී ඇත.

මේ අවස්ථාවේ අදහස් දක්වා ඇති ශ්‍රී ලංකාවේ වැඩබලන මියන්මාර තානාපතිවරයා පවසා ඇත්තේ අන්තර්ජාතික මාධ්‍ය සහ සමාජ ජාලාවල පළ වූ ඇතැම් ජායාරූප මීට දශයකට පමණ පෙර වෙනත් රටවලදී පවා ලබාගත් ඒවා බවත්, මෙය බෞද්ධ විරෝධී කුමන්ත්‍රණයක් බවත්ය.

මියන්මාර ජනාධිපතිවරයාට යැවීම සඳහා විශේෂ ලිපියක් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය තානාපතිවරයාට භාරදී ඇත. මාදුරුඔය ධම්මිස්සර හිමි, රියර් අද්මිරාල් සරත් වීරසේකර, ආචාර්ය චන්න ජයසුමන, විශේෂඥ වෛද්‍ය අශෝක කමලදාස, ශ්‍රී ලංකා මියන්මාර මිත්‍රත්ව සංගමයේ සභාපති කුමාර සේමගේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.

 

Related posts

“ආණ්ඩුවේ තහනම අපි පිළිගන්නේ නැහැ. කම්කරු දින සැමරුම අපි අනිවාර්යයෙන්ම පවත්වනවා”

colombotoday

බැදුම්කර වාර්තාව කල් යයි.. කොමිසමේ කාලය දීර්ඝ කෙරේ !

colombotoday

පාස්කු ප්‍රහාරය සොයන ජනාධිපති කොමිසමේ පොලිස් නිළධාරීන් හිටපු ජනපතිගේ නිවසට

colombotoday

විශ්වවිද්‍යාල ආචාර්යවරු අද දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක

Admin

භූගත ජලය භාවිතයේදී සැලකිලිමත් වන්න

Admin

පාසල් ගිය බසයටම යට වී 6 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

Admin