Colombo Today Local News

පනත් 3කට සංශෝධන යෝජනා ගැසට් කෙරේ…

විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීමට අමාත්‍යවරයාට බලතල ලැබෙන, ජයන්ත කැටගොඩ මන්ත්‍රිවරයාගේ පෞද්ගලික මන්ත්‍රි යෝජනාව පනත් කෙටුම්පතක් ලෙස ගැසට් කර තිබේ.

මහනගර සභා ආඥා පනත, මහ නගර සභා සංශෝධන පනත හා ප්‍රදේශීය සභා පනත යන පනත්වලට ඇතුළත් වගන්ති කිහිපයක් සංශෝධනය කිරිම මෙම පනත් කෙටුම්පතින් සිදු කෙරේ.

පනත් කෙටුම්පත ගැසට් කර ඇත්තේ ජූනි 26 වැනි දිනයෙනි.

මේ අතර අධිකරණයකට, විනිශ්ච අධිකරණයට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධයෙන් යෝජිත නීති ඇතුළත් නව පනත් කෙටුම්පත ද ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම පනත් කෙටුම්පත ගැසට් කර ඇත්තේ අධිකරණ අමාත්‍යරයා විසිනි.

Related posts

දේශපාලන වේදිකාවේ විකිණුනු එක්නැලිගොඩ ජීවතුන් අතර – මධුමාදවගෙන් ඡායාරූප සමග හෙළිදරව්වක්!

colombotoday

දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව

colombotoday

ජාතික ජන බලවේගයත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

colombotoday

38 වැනි ලෝක කම්කරු දිනය අද

Admin

රුසියාවෙන් ඉන්ධන ගන්නැයි පක්ෂ 12ක් ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

ගෑස් ලබා දීමේදී නාගරික වැසියන්ට වැඩි ප්‍රමුඛතාවක්

colombotoday