Colombo Today Local News

පොහොර වවුචර් පත්වල වලංගු කාලය දීර්ග කෙරේ…

මෙවර යල කන්නයේ පොහොර මිල දී ගැනීම සඳහා නිකුත් කර ඇති වවුචර්පත් වල වලංගු කාලය මෙම වසරේ දෙසැම්බර් මස අවසන් වන තෙක් දීර්ඝ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අද (26)දින තීරණය කර තිබේ.

ගොවි සංගම් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සලකා බලමින් මෙම තීරණය ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

දැනට දිස්ත්‍රික්ක කිහිපයක ගොවි ජනතාවට පොහොර මිල දී ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති වීම නිසා මෙම තීරණය ගෙන ඇත. අම්පාර හා උතුරේ මෙන්ම උතුරු මැද පළාතේත් ඇතැම් දිස්ත්‍රික්කවල මේ වනවිට යල කන්නයේ අස්වනු නෙලන කාලය බැවින් නැවත පොහොර යෙදීමේ අවශ්‍යතාවයක් නැතැයි ගොවීන් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

Related posts

Human Rights Watch රාජ්‍ය නොවන සංවිධානය ත්‍රස්තවාදීන්ගේ පැත්ත ගෙන ශ්‍රී ලංකා රජයට අවි අමෝරයි.

colombotoday

ශී‍්‍රලනිපයේ 15 දෙනකුට සජිත්ගෙන් නාම යෝජනා !

colombotoday

පාසල් වෑන් හිමිකරුවන්ට ලිසිං සහනය මාස 06කින් දීර්ඝ කරයි

colombotoday

වීරකුමාරට නීතිය හා සාමය රාජ්‍ය ඇමතිධුරය !!

colombotoday

හම්බන්තොටටත් පැල ලක්ෂයක පොල් ත්‍රිකෝණයක්

Admin

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද යළි පාර්ලිමේන්තුවට..

Admin