Colombo Today Local News

ජනපති පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරිය හමුවෙයි

බ්‍රිතාන්‍ය සංචාරයේ නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩන්හි, මැල්බරාහවුස්හීදී පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමුවී තිබේ.

මෙම හමුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා මහලේකම්වරිය පොදු රාජ්‍ය මණ්ඩලය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි..

මේ අතර දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා රජයේ උපාය මාර්ග සහ ප්‍රයත්නයන් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයට සහාය දැක්විය හැකි ආකාර‍ය පිළිබඳව ද එහිදී අදහස් හුවමාරු කරගෙන තිබේ.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා විසින් සිදුකළ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේ පැවැත්වෙන නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වීමට නියමිත වේ.

ලබන 22 සහ 23 යන දෙදින තුළ පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව වන්නේ “වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝගවලට විසඳුම් සෙවීම” යන්නයි.

ගෝලීය ප්‍රජාව පීඩාවට පත්කර ඇති විවිධ අර්බුදවලට කඩිනමින් විසඳුම් සෙවීමේ අවශ්‍යතාව පිළිබඳ මෙම සමුළුවේදී අවධානය යොමු කිරීමට නියමිත බව සඳහන් ය.

මේ අතර ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය අතරතුර දී මෙරට ණය හිමි රටවල පැරිස් සමාජයේ සාමාජිකයින් ද හමුවීමට ද සැලසුම් කර තිබේ.

මෙරට ණය අර්බුදය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් සහ ණය ස්ථායිතාව ඇති කිරීමට පැරිස් සමාජයේ සහාය ලබාගැනීම පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමුවනු ඇති බව සඳහන් ය.

Related posts

පුපුරන ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් බෝයවලානේ දී අල්ලයි

Admin

ශ්‍රී ලංකාවේ තත්ත්වය මේ වෙනකොට දරුණුයි. ඒක හංගන්න දෙයක් නැහැ.

colombotoday

22 හැවිරිදි තරුණියක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

colombotoday

විශ්වාසභංගය ගැන ජනපති-අගමැති එකඟතාවයක් නෑ – මාධ්‍ය වාර්තා ගැන ජනපති කාර්යාලයෙන් ප්‍රකාශයක්

colombotoday

පළාත් පාලන ආයතන 204ක් ආවරණය කරමින් සංවර්ධන සැලසුම් 172ක්

Admin

ඥානසාර හිමිගේ පන්සලේ ධර්ම ශාලවක්වත් නෑ…

colombotoday