Colombo Today Local News

සංවර්ධන නිලධාරිනියක් ගෙල කපා පිහියකින් පපුවට ඇන මරා දාලා

ඌරුබොක්ක දම්පහල මහා විදුහලේ රාජකාරි කරන සංවර්ධන නිලධාරිනියක සේවය නිමා කොට තම නිවෙස යද්දී ඇය පදිංචි ගම්මානයේම තරුණයකු ඇගේ ගෙල කපා පපුවට පිහියෙන් ඇන මරාදමා ඇතැයි ඌරුබොක්ක පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ 29 හැවිරිදි වියේ පසුවන සිතාරි මධුමාලි නමති තරුණියකි.

පාසලේ සිට බසයෙන් පැමිණ පා ගමිනින් නිවෙසට යන අතර තුර මෙම තියුණු ආයුද ප්‍රහාරය එල්ල කර ඇති අතර ඇගේ කෑගැසිමට පැමිණි පිරිස ඇය වහා ඌරුබොක්ක රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විට ඇය මියගොස් සිට ඇති බව වාර්තා වේ.

සැකකරු එම තරුණියගේ පෙම්වතා බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

සැකකරු ඝාතනය සිදුකළ ස්ථානයේ ගසක නැග සැගව සිටින බවත් එම ගස අවට පොලිස් ආරක්ෂාව යොදා ඇති බවත් පොලිසිය පවසයි.

Related posts

IOC ඉන්ධන මිල පහල යයි

colombotoday

ගයේෂා පෙරේරාගේ නිරුවත් කතාවට මධූෂා රාමසිංහගෙන් නිරුවත් ප්‍රතිචාර

colombotoday

ඕස්ට්‍රියා රජය බුර්ඛාව තහනම් කරයි..

colombotoday

සංඝාධිකරණයක් අවශ්‍ය නෑ – අධිකරණ හා බන්ධනාගාර ඇමතිනී තලතා අතුකෝරල

colombotoday

සුදු මල්ලී හෙරෝයින් සමග පොලීසියට කොටු වෙයි

colombotoday

චන්ද්‍රිකා එජාපයෙන් යලි දේශපාලනයට…

colombotoday