Colombo Today Local News

කරුණාසේන ඉවතට.. ආරක්ෂක ලේකම් ධුරය වෛද්‍යරත්නට !!!

රාජ්‍ය ආරක්ෂක අමත්‍යාංශයේ වත්මන් ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඉන් ඉවත් කර ඒ වෙනුවට නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි දැන ගැනීමට තිබේ.

මෙම තනතුර සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගේ නම ද යෝජනා වී තිබූ නමුත් මේ වන විට වෛද්‍යරත්න මහතා වඩා සුදුසු අය ලෙස තෝරාගෙන ඇත. අතිරේක සොලිසිටර් ජනරාල් කපිල වෛද්‍යරත්න මහතා ලබන ජුනි මස විශ්‍රාම ගැනීමට නියමිතය.

හෙට්ටිආරච්චි මහතා මේ වන විට අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීම මෙයට හේතු වශයෙන් සඳහන් වේ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරියකු පැවසූවේ තවත් සති දෙකකින් පමණ ආරක්ෂක ලේකම්වරයා රාජකාරිවලට වාර්තා කිරීමට සූදානමින් පසුවන බවය.

ආරක්ෂක ලේකම් ධුරය ඉතා වැදගත් තීරණාත්මක තනතුරක් වන නමුදු හෙට්ටිආරච්චි මහතා එම ධුරයේ කටයුතු කළ ආකාරය ගැන ද විවේචන ඉදිරිපත්ව ඇත.

සත්හඩ

Related posts

අක්‍රිය වූ නොරෝච්චෝලේ ජනන යන්ත්‍රය සඳුදා සිට යළි සක්‍රියයි..

colombotoday

තද සුළගින් මන්නාරම හා වව්නියාවේ නිවාස රැසකට හානි

colombotoday

බෙරගලදී ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළෙයි

Admin

6 වසර සිසුන්ගේ අභියාචන අයැදුම් පත් භාර ගැනීම මාර්ගගත ක්‍රමයට ඇරඹේ

Admin

අගමැති මල්වතු අස්ගිරි මහා නාහිමියන් බැහැ දකී (Video)

colombotoday

දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday