Colombo Today Local News

දික්කසාද බිරිය අනියම් බිරියගේ ගෙල කපා ඝාතනය කරලා

පාදුක්ක වටරැක ගම්මාන පාර ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත පෙදරේරැවෙකු සමග ජීවත් වූ ඔහුගේ අනියම් බිරිය කියනු ලබන කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කර පලා යමින් සිටි එකම පවුලේ සහෝදරයා සහ සහෝදරිය ප්‍රදේශවාසීන් ගේ සහය ඇතිව අද (09) දහවල් අල්ලා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය අදාල පෙදරේරුවා ගේ දික්කාසද බිරිද බවත් අනෙක් සැකකරැ එම කාන්තාවගේ බාල සහෝදරයා බවත් මීගොඩ පොලිසිය පවසයි.

එම සැකකාරිය පෙදරේරැවා සමගින් දික්කසාද වී වසර තුනක් පමණ ගතවන බවත් ඒ නිසාවෙන් මෙලෙස වෙනත් කාන්තාවක් සමග ජීවත් වූ බවත් එම පෙදරේරුවා ලබා දුන් සාක්ෂි වල සටහන් බවද පොලිසිය පවසයි.

පෙදරේරුවා අද (09) උදෑසන රාජකාරි කටයුත්තක් සදහා නිවසින් පිටත්ව ගිය පසු ඝාතනය සිදුකල සැකකාරිය සහ සැකකරු එම නිවසට පැමිණ ඝාතනයට ලක් වූ කාන්තාවට කතා කර නිවසින් පිටතට ගෙන්වා ගෙන තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර පලා ගොස් ඇති බව සිදුකල විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වලස්මුල්ල කටුවන අළුපොත්දෙනිය ප්‍රදේශයේ පදිංචි වැන්දඹුවක් වන 52 හැවිරිදි කාන්තාවකි.

Related posts

අධිකරණයට අපහාස කල බවට හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ට එරෙහිව පැමිණිල්ලක්

Admin

ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සෙනසුරාදා සිට යළි අරඹයි

Admin

කෝවිල හදන්න එපා – මුස්ලිම් පිරිස් මනෝ ගනේෂන්ව වටකර උද්ඝෝෂණයක

colombotoday

කෝටිපති කතක් නිවස තුල මරා දමලා

colombotoday

කටුගස්තොට පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බසියි

colombotoday

වෛරීව නොබලන්න.. ජනතාව දුන් පණිවුඩය හරියට තේරුම් ගන්න

colombotoday