Colombo Today Local News

සුවිශේෂී බළකාය ගෙන ඒමට ජනපති තීරණය කරයි

වෘත්තීය සමිති අයිතිවාසිකම් කප්පාදු කිරීමේ අරමුණින් නොව ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා කිසිදු බාධාවකින් තොරව සැපයීම සඳහා සුවිශේෂි බළකාය පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලයට අවධාරණය කර තිබේ.වර්තමානයේ දී සිදුකළ යුත්තේ එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රීලංකා නිදහස් පක්ෂය රැකගැනීමට කටයුතු කිරීම නොව ආණ්ඩුව රැකගැනීමට කටයුතු කිරීම බැවින් මේ පිළිබඳව අගමැතිවරයා සමග ද සාකච්ඡාකොට අත්‍යවශ්‍ය සේවා සැපයීමේ සුවිශේෂ බලකාය පත්කිරීමට තමා තීරණය කළ බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(02දා) කැබිනට් මණ්ඩලයේදී අමාත්‍යවරුන්ට දැනුම් දී තිබේ.

පසුගිය කැබිනට් මණ්ඩලයේදී සුවිශේෂී බළකායක් පිහිටුවීම පිළිබඳ වූ සාකච්ඡාව ඇතැම් ඇමතිවරුන් විසින් විචේචනය කර තිබුණු අතර, එම ඇමතිවරුන්ට ජනාධිපතිවරයා මෙහිදී සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.තමන් එක්ව ගන්නා තීරණ පිළිබඳ තැන් තැන්වල ගොස් බැණ වැදීම වැරදි යැයිද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යවරුන්ට කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශකර තිබේ.

ජන ජීවිත අඩාළ කිරීමට කිසිවෙකුට ඉඩ නොහැකි බව ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා සුවිශේෂී බළකායක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලද්දේ කිසිවෙකුට හෝ තනතුරක් ලබාදීමට නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිබඳ කමිටුවක් ඉතා ඉක්මනින් පත්කරන බවත්, එමගින් ජනජීවිතය අඩාළ නොවන අයුරින් පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී ප්‍රකාශ කර ඇති අතර, එය තවත් කෙනෙකුට තනතුරක් දීමට වන සූදානමක් ලෙස වරදවා තේරුම් නොගන්නා ලෙසද ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා ඇත.

වර්ජන සහ උද්ගෝෂණවලදී ජන ජීවිතය අඩාළ වීම වැළැක්වීමට අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් සුවිශේෂී බළකායක් පිහිටුවීමට යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවැති මාධ්‍ය හමුතුළ අමාත්‍යවරුන් වන ජෝන් සෙනවිරත්න, එස්.බී.දිසානායක මහත්වරුන් විවේචනය කර තිබිණි.මෙම සුවිශේෂී බළකාය පිහිටුවන්නේ ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා කිසිදු බාධාවකින් තොරව ලබාදීමට මිස කිසිදු අයුරකින් වෘත්තීය සමිති අයිතිවාසිකම් කප්පාදුකිරීමකට නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී අමත්‍යවරුන්ට පැහැදිලිකර දී තිබේ.

Ada.lk

Related posts

මේ ජනාධිපතිවරයා යටතේ අමාත්‍ය ධූර බාර ගන්නේ නෑ

colombotoday

රන්ජන් රාමනායකට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ඉතිහාස ගත වන නඩුවක් වන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියයි

colombotoday

මුව ආවරණ, මීටරේ දුර කොරෝනා නීති පාර්ලිමේන්තුවට අදාල නෑ..- සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි

colombotoday

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප් සියයට 25කින් ඉහළට

colombotoday

කැලණියේදී අන්තරේට ප්‍රහාරයක්

colombotoday

කොවිඩ් නිව්මොනියාවෙන් කල්මුනේ රෝහලේ වෛද්‍යවරියකගේ මව මියයයි. වංගුවක් ගසා භුමිදානයට අර අඳියි. මිනිය දින 4ක් මෝචරියේ.

colombotoday