Colombo Today Local News

“ඡන්දයෙන් බැරිනම්, නැවතත් උණ්ඩයෙන්“ – සම්බන්ධන් අනතුරු අගවයි

දෙමළ ජනතාව විසින් මැතිවරණයේදී දෙනු ලැබූ වරම අනුව ආණ්ඩුව කටයුතු නොකිරීමෙන් සන්නද්ධ ක්‍රියාකාරීත්වය ඉස්මතු වීමේ අවධානමක් මතුව ඇතැයි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසයි.

හෙතෙමෙ මේ බව කියා සිටියේ පසුගිය 14 වැනිදා ඉන්දියාවේදී ඇරඹි තුන්වැනි ත්‍රස්තවාදය වැළැක්වීමේ සමුළුවට සහභාගී වෙමිනි. ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් එම සමුළුවට ඇමති සාගල රත්නායක සහභාගී වී සිටියහ.

නිදහස ලබා දශක තුනක් ගතව ඇතත් දෙමළ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගවලින් ඉල්ලා සිටි දේශපාලන වෙනස නොලැබීම නිසා තරුණයන් ආයුධ සන්නද්ධ වූ බවත් “මෙය ඡන්දයේ අසාර්ථකත්වය විසින් ඇති කරනු ලබන හිඩැස පිරවීමට උණ්ඩය පැමිණීම පිළිබද හොද උදාහරණයක්“ බවත් විපක්ෂනායකවරයා එහිදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ දේශපාලන බලය ලබා ගැනීමේ හා රැකගැනීම සදහා බහුජාතියට බලයක් හිමිකර දෙන සංස්කෘතිය නැවැත්විය යුතු බවද ඔහු එහිදී අවධාරණය කළේය.

Related posts

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ පෙත්සම් විභාගය ඇරඹෙයි

colombotoday

සෙල්ෆිය මරණයෙන් කෙරවල වෙයි

colombotoday

ව්‍යවස්ථා මණ්ඩල අතුරු වාර්තාවට මධ්‍යම සභාවේදී ගිනි තබයි !

colombotoday

ඉස්ලාම් ආගමේ අන්තවාදය උගන්වන්නේ ‘සාහි අල් බුකාරි‘ පොතෙන්…

colombotoday

“අසත්‍ය දෑ පළ කරන වෙබ් අඩවි තහනම් කරනවා” – ජනපති

colombotoday

වරායේ සේවකයින් ආරම්භ කළ උපවාසය තවදුරටත්

colombotoday