World

රුසියාවේ විද්‍යාඥයින් තිදෙනෙක්ට එරෙහිව රාජද්‍රෝහී චෝදනා

රුසියාවේ ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයින් තිදෙනෙක්ට එරෙහිව රාජද්‍රෝහී චෝදනා එල්ලවී ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා පවසයි.

එම විද්‍යාඥයින් තිදෙනා රුසියාවේ හයිපසොනික් මිසයිල තාක්ෂණය දියුණු කිරීමේ වැඩසටහන හා සම්බන්ධව සේවය කළේය.

නමුත් ඔවුන් තිදෙනාට එරෙහිව රාජද්‍රෝහී චෝදනා එල්ලකිරීම සම්බන්ධයෙන් රුසියාව විද්‍යාඥ ප්‍රජාව කලබලයටත් කනගාටුවටත් පත්ව සිටින බව මාධ්‍ය වාර්තා කරයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොෆ් පැවසුවේ තම සගයින් වෙනුවෙන් සයිබීරියා විද්‍යාඥයන් යොමුකර ඇති ලිපිය සම්බන්ධයෙන් තමා දැනුවත් බවත් එය ආරක්ෂක සේවා හා සම්බන්ධ ගැටලුවක් බවත් ය.

නමුත් විද්‍යාඥයින් පවසන්නේ තම සගයින් තිදෙනා අත්අඩංගුවට ගැනීම එරට විද්‍යා ක්ෂේත්‍රයට සිදුවන විශාල හානියක් බවය.

Related posts

මියන්මාරයෙන් පළමු රෝගීන් දෙදෙනා වාර්තා වෙයි

colombotoday

ඔස්ට්‍රේලියාවේ පළමුවරට මහ බැංකු අධිපති ධුරයට කාන්තාවක්

Admin

සමූහ දූෂණයට ලක් වූ තරුණිය දින 14කට පසු මියයයි

colombotoday

මුස්ලිම් පල්ලිවල ශබ්ද විකාශන තහනම්.. පල්ලි 700ක් වසා දමයි

colombotoday

බොරතෙල් බැරලයක මිල තවත් පහළට

colombotoday

ස්පාඤ්ඤ ආසාදිත 40,000 සීමාවට – මරණ 2,600 පනී

colombotoday