Colombo Today Local News

උතුරු නැගෙනහිර දෙමළ මන්ත්‍රීවරු ජනපති සමඟ අදත් සාකච්ජාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ ජාතික මන්ත්‍රිවරුන් අතර තවත් සාකච්ජාවක් අද(15)දින පැවැත්වෙයි.

අද සවස 5.30ට ජනාධිපති කාර්යාලයේදී එම සාකච්ජාව පැවැත්වෙන බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නිතිඥ එම්.ඒ සුමන්දිරන් මහතා සඳහන් කරයි.

බලය බෙදීම, උතුරේ ඉඩම් ගැටලු, දෙමළ සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු කරුණු පිළිබඳව එහිදී සාකච්ජා කිරීමට නියමිතව තිබේ.

පසුගිය දෙසැම්බර් සිට මේ දක්වා දෙමළ ජාතික මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර පවත්වා ඇති සාකච්ජා වට සංඛ්‍යාව 5කි.

Related posts

ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපතිගේ නිරීක්ෂණයට

colombotoday

කඩා වැටුණු හෙලිකොප්ටරයේ නියමුවාට ජනපතිගෙන් හදිසි ඇමතුමක් !

colombotoday

කුලියාපිටිය බිංගිරිය හා දුම්මලසූරිය නොසන්සුන්

colombotoday

උතුරේ කොටි සැමරුම් පිටුපස එම්මානුවෙල් පූජකයා… ලංකාවට ගෙන්වීමට අතහිත දකුණේ ප්‍රබල ඇමතිගෙන්

colombotoday

තොටළග කුඩු සඳා අත්අඩංගුවට

colombotoday

බස්නාහිර පළාතේ අපරාධ කල්ලි ගැන හෙළිදරව්වක්

colombotoday