Colombo Today Local News

ලංකාවෙි ව්‍යාපාර ගොඩනැගීම ගැන මාරි ඇන්ටෝනියා වොන් ෂොන්බර්ග් ගෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවෙි ව්‍යාපාර ගොඩ නැගීම සඳහා කැපවී ක්‍රියා කරන බව ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත පිරිසේ (AHK Sri Lanka) ප්‍රධාන නියෝජිතවරිය වන මාරි ඇන්ටෝනියා වොන් ෂොන්බර්ග් (Marie Antonia von Schönburg) මෙනවිය දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා හමුවේ පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ ඇති ආයෝජන අවස්ථා සහ දෙරටට එක්ව කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව ද එම සාකච්ඡාවෙිදී අවධානය යොමු කර ඇත.

ලංකාවේ ඇති ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දෙරටට එක්ව කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව ද එහිදී අවධානය යොමු කෙරුණු බව රුවන් විජයවර්ධන මහතා පවසයි.

AHK Sri Lanka ආයතනික කටයුතු සහ අපනයන ප්‍රවර්ධන ප්‍රධානී Malintha Gajanayake මහතා ද මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාව පැවැත්විණි.

Related posts

වෙසක් සැමරුම් උත්සව වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

Admin

නිරෝදායනයෙන් හොරෙන් පැන පෙම්වතිය සොයා ගිහින්

colombotoday

“පන්සල, පාසල දියුණු වුණත් සංස්කෘතිය, හැදියාව පිරිහිලා” – සංස්කෘතික නියෝජ්‍ය ඇමති

colombotoday

සුපිරි බලය සහිත ඇමති ධුරය ගැන කැබිනට් මණ්ඩලය තීරණයක් ගනී

colombotoday

ක්ෂේත්‍ර තුනකින් බදු ඉවත් කරන්නැයි අගමැතිට ඉල්ලීම්

colombotoday

යහපාලන ආණ්ඩුව රුසියාවත් කෝප ගන්වා ගනී… ආණ්ඩුවට එරෙහි මෙහෙයුමක් ගැන මංගලගෙන් රුසියාවට චෝදනා

colombotoday