Colombo Today Local News

ඉන්දීය සංචාරකයන්ට මෙරට ගනුදෙනුවලදී තම රුපියල භාවිත කිරීමට හැකියි – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් හට දේශීය ගනුදෙනුවලදී ඉන්දීය රුපියල භාවිත කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ඉන්දීය වාණිජ කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාවේ ආර්ථිකය, වත්මන් තත්ත්වය සහ ඉදිරි ගමන මැයෙන් වූ විශේෂ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින් මහ බැංකු අධිපතිවරයා එලෙස ප්‍රකාශ කළේ ය.

මහ බැංකු අධිපතිවරයා විසින් එහි ප්‍රධාන දේශනය පවත්වන ලද අතර හෙතෙම ඉන්ටර්නෙට් ඔස්සේ සම්මන්ත්‍රණයකට සහභාගි වී තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දීය රුපියල නම් කරන ලද මුදල් ඒකකයක් බවට පත්කිරීම තුළින් දෙරට අතර වෙළෙඳ බේරුම්කරණ කටයුතු පහසු වනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරන අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඩිජිටල් ගෙවීම් සම්බන්ධයෙන් ද මහ බැංකු අධිපතිවරයා අදහස් පළ කළේ ය.

එහිදී විශේෂ දේශනයක් පවත්වමින් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ අදහස් දක්වා සිටි අතර ඉන්දීය සහ ශ්‍රී ලංකාව අතර අනාගත ආර්ථික සහයෝගිතාවට අදාළ ක්‍ෂේත්‍ර හා දෙරට අතර තොරතුරු තාක්ෂණය, පුනර්ජනනීය බල ශක්තිය සහ සංචාරක ව්‍යාපාරය යන ක්‍ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කර ඇති බව ද ඉන්දීය මහ කොමසාරිස්වරයා එහිදී ප්‍රකාශ කළේ ය.

Related posts

කාර්මික දෝෂයකින් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි.. ඉදිරි පැය 6ක අවදානම්

Admin

වෙට්ටු දැමූ හෙරොයින් ජාවාරම්කරුවන් 2ක් එස්.ටී.එෆ්. දැලේ

Admin

පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුව පැරණි පාර්ලිමේන්තුවේ රැස්වෙයි

Admin

එක්ස්රේ පටලවල හිඟයක්… දත් ආශ්‍රිත සියලු එක්ස්රේ පරීක්ෂණ කල් යයි…

colombotoday

පාසල් ගිය බසයටම යට වී 6 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

Admin

ගුවන් යානයක් විනාශ කළැයි චෝදනා ලැබූ හිටපු කොටියා නිදොස් කොට නිදහස් !

colombotoday