Colombo Today Local News

ඉකුත් පැය 48ට අධිවේගීයෙන් ලක්ෂ 700ට අධික ආදායමක්

අධිවේගී මාර්ගයේ ඉකුත් පැය 48ක කාලය තුළ (අද අලුයම 6 දක්වා) රුපියල් 7 කෝටි 55 ලක්ෂ 8100 ක ආදායමක් ලැබී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එල් වි එස් වීරකෝන් මහතා පවසයි.

එම කාලය තුළ වාහන දෙලක්ෂ 56225 ක ප්‍රමාණයක් ධාවනය වී ඇතැයි ඒ මහතා කියයි.

මාරාන්තික අනතුරු නොවීම විශේෂත්වයක් බවත් ධාවනය වූ වාහන ගැටීමෙන් අධිවේගී මාර්ගයේ ස්ථාන 41 දේපළවලට පමණක් අලාභ සිදු වී ඇති බවත් අධ්‍යක්ෂක ජනරාල්වරයා සදහන් කරයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය , කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉකුත් 15 දින හා 16 දින භාවිතා කිරීමෙන් ආදායම ලැබී ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය

Related posts

වහාම ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවයි

colombotoday

තව පෝය දෙක තුනයි… මහින්ද ආණ්ඩුවට දින වකවාණු දෙයි (Video)

colombotoday

උත්සව සමයේ පාරිභෝගික නීති කඩ කරන්නන් සොයා වැටලීම්

Admin

ලංකාවට කොරෝනා දෙවන රැල්ල ආවේ තුර්කියෙන්. බුද්ධි අංශ වාර්තාව ජනපතිට

colombotoday

මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

Admin

පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි චීනයෙන්

colombotoday