Colombo Today Local News

පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි චීනයෙන්

මෙරට පාසල් සිසුන්ට 2023 වසර සඳහා අවශ්‍ය නිල ඇඳුම් රෙදිවලින් කොටසක් ප්‍රදානයක් වශයෙන් ලබාදීමට චීන රජය එකඟ වී ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත චීන සමූහාණ්ඩුව මෙම ප්‍රදානය ලබාදෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඉතිරි රෙදි අවශ්‍යතාවය දේශීය රෙදිපිළි නිෂ්පාදකයන්ගෙන් මිලදී ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (23)දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

Related posts

රටපුරා නිහඩ හලාල් විරෝධයක්… නෙල්නා චිකන් හලාල් හලයි !

colombotoday

පිදුරුතලාගල රක්ෂිතයේ සැකකටයුතු මළසිරුරක්

Admin

සැමියාගෙන් වෙඩි කෑ බිරිඳ මරුට

colombotoday

සති අන්තයේ කොළඹට ජල කප්පාදුවක්

colombotoday

කොළඹ කේසර් වීදියත් අද සිට වසා දැමේ

colombotoday

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් පන්නයි

colombotoday