Colombo Today Local News

හොරට බඩු කිරා පාරිභෝගිකයන් ගසා කෑ කූට වෙළෙඳුන් 3,500ක් අත්අඩංගුවේ

ප්‍රමිතියෙන් තොර කිරුම් මිනුම් උපකරණ භාවිත කරමින් පාරිභෝගිකයන් ගසා කෑ කූට වෙළෙඳුන් තුන්දහස් පන්සියයක් පමණ 8 සහ 9 දෙදින තුළ අත්අඩංගුවට ගත් බව කිරුම් මිනුම් ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව පවසයි.

2023 වසරේ මුල් කාර්තුවේදී සිට මේ වන විට සිදුකළ වැටලීම්වලදී වෙළෙඳුන් දසදහසක් අත්අඩංගුවට ගෙන නඩු පැවැරීම් හාරසිය පනහක් ඉක්මවා සිදුකළ බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නීතිමය පියවර නොගත් සෙසු වෙළෙඳුන්ට දැඩි ලෙස අවවාද කර ඉදිරියේදී කිරුම් මිනුම් සම්බන්ධ මෙවන් දේවල් සිදුකළහොත් නීතිමය පියවර ගන්නා බව ද උත්සව සමය ඉලක්ක කරගෙන රට පුරා සියලු ම නගර, ග්‍රාමීය ප්‍රදේශ ආවරණය වන ලෙස වැටලීම් සිදුකිරීමට පියවර ගෙන තිබෙන බව ද පැවසීය.

පාරිභෝගික ද්‍රව්‍ය ගණනය කිරීමට යොදා ගන්නා තරාදි වර්ග, දියර කිරන හෝ මනින උපකරණ ඇතුළු සියලු ම කිරුම් මිනුම් උපකරණ මුද්‍රා තබා ගැනීමට වෙළෙඳුන් ඇතුළු හිමිකරුවන් පියවර ගත යුතු බව ත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී කිරුම් මිනුම් ප්‍රමිති සේවා ඒකකවලදී අදාළ පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සලසා තිබෙන බව ත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

මිලියන 37,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

colombotoday

“රැදවුම් භාරයේ ඉන්නා දරුණු ත්‍රස්තවාදීන් නිදහස් කිරීම භයානකයි” – හිටපු ආරක්ෂක ලේකම් තුමා

colombotoday

යුධ හමුදා බුද්ධි අංශයේ “ඒ එච් 94 මේජර්” බිල්ලට ගන්න NGO මාධ්‍ය මෙහෙයුමක්

colombotoday

කොරියාවේදී ජාඇළ තරුණයකු පිහි පහරින් මරුට

Admin

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට කඩිනමින් විසඳුම් ඉල්ලා මව්පියන් පාසල් ඉදිරිපිට විරෝධතාවයක

colombotoday

මඩොල්සිම පුංචි ලෝකාන්තයේදි මාධ්‍යවේදියෙක් අතුරුදන්

colombotoday