Colombo Today Local News

මැ:කො ගැන හොයන්න කාරක සභාවක් පිහිටුවීමට මැතිසබයට යෝජනාවක්

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට අපොහොසත් වීම පිළිබඳ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පිහිටුවීම පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ ඉහත ක්‍රියාකලාපය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩ වීමෙි සිද්ධි සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කළ යුතු බවද අදාළ යෝජනාවේ සඳහන් වේ.

මැතිවරණ කොමිෂන් සභාව පිළිබඳව කරුණු විමර්ශනය කර සුදුසු නේද නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ අත්සනින් යුතුව කතානායකවරයාගෙන් කළ ලිඛිත ඉල්ලීමකට අනුව ඉහත යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත.

Related posts

රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීම: කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසක් අධිකරණයට කැදවයි

colombotoday

විජේදාසට එල්ල වූ චෝදනාවම සුසිල් ප්‍රේමජයන්තටත්.. තීරණයක් ගන්න සාකච්ඡා !

colombotoday

සෑම ගමකටම අස්වැසුම නිලධාරියෙක්…

Admin

සංචාරකයන්ට බලපෑම් කරන කටුනායක කුලී රියදුරන් අත්අඩංගුවට

colombotoday

කොළඹ වරායේ කන්ටේනරයක් පුපුරා යයි…

colombotoday

මහජන සාමය පවත්වාගෙන යෑම හමුදාව යටතට

colombotoday