Colombo Today Local News

PUCSL සභාපතිගේ නිල කාර්යාලයට මුද්‍රා තබයි..

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල කාර්යාලයට කොල්ලුපිටිය පොලීසිය මුද්‍රා තබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව එය සිදු කළ බවයි.

රජය අපහසුතාවයට පත්වන ආකාරයේ සිදුවීම් ඒ තුළ වන බවට ලද තොරතුරකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර, එම නියෝගය ලබාගත් බව, ඔහු ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා මේ වනවිට විදෙස්ගතව සිටින බැවින් ඔහු යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඔහු ඉදිරිපිටදී අදාළ කාර්යාලය විවෘත කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Related posts

දේශපාලකයෙකුගේ බිරිඳකට අලෙවිසැලක් තුළදී පිහියෙන් අනී

Admin

රටම හිනැස්සූ සුනිල්ගේ මුවට සිනාවක් දෙන්න ඇමති ගයන්ත යයි

colombotoday

ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නා බව අතාවුල්ලා කියයි

colombotoday

පිරිසක් නිවසකට වෙඩිතබා පළාගිහින්

Admin

මඩොල්සිම පුංචි ලෝකාන්තයේදි මාධ්‍යවේදියෙක් අතුරුදන්

colombotoday

ඇමතිලාට සැප ගන්න කෝටි ගණන් වෙන්කරගනිද්දී, අරණායක අවතැන්වූවෝ තවමත් කූඩාරම්වල (Video)

colombotoday