Colombo Today Local News

ජාතික යොවුන් වේදිකාවට ජනපති කාර්යාලයෙන් අයදුම්පත් කැඳවයි

75 වැනි ජාතික නිදහස් සැමරුමට සමගාමීව ගොඩනැගීමට නියමිත ජාතික යොවුන් වේදිකාව සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක ය.

2048 වසර වන විට සමෘද්ධිමත් සහ බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ක්‍රියාවලියේ කොටස්කරුවෙකු වීමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීම සහ වසර 25ක සංවර්ධන න්‍යාය පත්‍රයට තරුණ ප්‍රජාව වගකිව යුතු හවුල්කරුවන් ලෙස දායක කර ගැනීම ජාතික යොවුන් වේදිකාව නිර්මාණය කිරීමේ අමුණ බව ජනාධිපති කාර්යාලය පවසයි.

රටෙි සමාජ, ආර්ථික සහ දේශපාලන වෙනසක් ඇති කිරීමට නම් තරුණ ප්‍රජාව පෙරට පැමිණ නායකත්වය ගත යුතු බවත්, ජාතික යොවුන් වේදිකාව ඒ සඳහා ඔවුන්ට මහඟු අවස්ථාවක් බවත් ජනාධිපතිවරයාගේ අදහසයි.

යොවුන් වේදිකාවට එක් වීම සඳහා තමා විසින් සකස් කළ අයදුම්පතක් 2023 ජනවාරි 31 හෝ ඊට පෙර [email protected] ඊමේල් ලිපිනය මගින් හෝ “අධ්‍යක්ෂ, තරුණ හා තිරසාර සංවර්ධන, ජනාධිපති කාර්යාලය, කොළඹ 01″ ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු බව ජනාධිපති කාර්යාලය පවසයි.

Related posts

රාජ්‍ය සේවකයාගේ ඡන්දය ඉල්ලීමේ අයිතිය අහෝසියි.. හීන් කෙදිරියක්වත් නැතිව ජවිපෙ අත උස්සයි

colombotoday

කුරුණෑගල නගරාධිපති බුවනෙකභාහු රජුගේ රාජ සභා මණ්ඩපය විනාශ කර දමයි. ඇමති ජොන්ස්ටන්ගේ අනුහසින් නීතිය ක්‍රියාත්මක නොවෙයි

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නැව ඇදගෙන යාම නවතා දමයි.

colombotoday

ප්‍රදේශ රැසක බස් රථ ධාවනයෙන් වෙයි

colombotoday

ඡන්දෙ දිනපු හිට්ලර් පිටරටට පැනල අස්වීමේ ලිපිය දුන්නේ. දැන් ඉන්නේ ඇඩ්ඩ්‍රස් නැතුව.

Admin

කරුණාසේන ඉවතට.. ආරක්ෂක ලේකම් ධුරය වෛද්‍යරත්නට !!!

colombotoday