Colombo Today Local News

හම්බන්තොට විදුලි ගබඩාවක් ස්ථාපිත කරන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හදිසි විදුලි බිඳවැටීම් සහ විදුලි අවශ්‍යතාව උපරිම වන අවස්ථාවලදී අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා විදුලිය ගබඩා කර තබාගැනීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

කොරියානු ජනරජය සමඟ ශ්‍රී ලංකා රජය අත්සන් තබා ඇති ප්‍රදාන ආධාර සම්මුතිය යටතේ හම්බන්තොට ජාල උපපොළ ආශ්‍රිතව මෙගාවොට් 5ක ධාරිතාවයකින් යුත් මෙගාවොට් පැය 8ක් සඳහා වන විදුලි ගබඩා පද්ධතියක් ස්ථාපිත කිරීමට කොරියානු රජය එකඟතාව පළ කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතිය සඳහා කොරියානු වොන් බිලියන 14.3ක් (ඇමරිකානු ඩොලර් මිලියන 11.9 ක් පමණ) ලබාදීමට කොරියානු රජය එකඟතාවය පළ කර ඇති බව කී අමාත්‍යවරයා ඒ අනුව එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ පාර්ශවයන් අතර ගිවිසුම් අත්සන් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙම අනුමැතිය හිමි වූ බව ද ප්‍රකාශ කළේය.

ඇමති බන්දුල ගුණවර්ධන මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (31)දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

Related posts

දෙසැම්බරයේ සිට දිගු කාලයකට යළිත් රට වැසෙයි ?

colombotoday

මහින්ද එලවන්න රනිල්ගෙන් තවත් තුරුම්පුවක්… හැකිනම් පරදන්නැයි අභියෝග කරයි…

colombotoday

පුත්තලමේ අපි බූරුවෝනෙ.. එනිසා අපට ඇමතිකම් නෑ – පාලිත රංගේ බණ්ඩාර

colombotoday

අඩි 279ක් උස ඩෙවෝන් දිය ඇල්ලෙන් පහලට වැටුනු තරුණියක් සොයා මෙහෙයුම්

colombotoday

අන්තවාදයට, ත්‍රස්තවාදයට හා ආගම්වාදයට එජාප යෙන් ඉඩක් නැති බව රනිල් කියයි

colombotoday

පදිකයෙක් යට කර රථය පලා යයි. පදිකයා මරුට!

colombotoday