Colombo Today Local News

මත් වූ අදමයන්ගේ – රියදුරු වලියෙන් පාරේ ගිය මවයි පුතායි බසයට යට වෙයි.

වැලිගම කප්පරතොටදි මගී බසයක රියැදුරාට බිමත් පුද්ගලයකු පහරදීමට උත්සහ කිරීමේදී බසය පාලනයෙන් ගිලිහි පාරේ ගමන් ගත් මවක මියගොස් ඇයගේ පුතා තුවාල ලබා රෝහල් ගත කල බව වැලිගම පොලිසිය පවසයි.

මාතර සිට කොළඹ බලා ධාවනයවු පුද්ගලික බස් රථයට රාත්‍රි 9ට පමණ ගොඩ වූ බීමත් සිව් දෙනකු රියදුරු සමග ආරවුලක් ඇතිකරගෙන රියදුරුට පහරදිමට උත්සාහ කල අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් මව එම ස්ථානයේම මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබු පුතා මාතර මහ රෝහලට ඇතුලත් කර ඇත.

අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු සහ ගැටුමට සම්බන්ධවු එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා වැලිගම පොලිසිය පරික්ෂණ පවත්වයි.

Related posts

බඩගින්නට කදුළු බොන බෝගස්වැව සිංහලයන්ගේ කුසට ආහාරයක් ලබාදෙන්න ඔබටත් අවස්ථාව

colombotoday

බුවනෙකබාහු රාජසභා ගොඩනැගිල්ල- කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු 04කට එරෙහිව වරෙන්තු නිකුත් කෙරේ

colombotoday

මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුව තවදුරටත්

colombotoday

කිරලාගල දාගැබට නැග ඡායාරූප ගත් 8 දෙනා රිමාන්ඩ්…

colombotoday

වර්ගවාදී ආණ්ඩුව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දරුණු පහර දීමක් කළා..

colombotoday

මහජන සේවයේදී පොතේ නීතියට උඩින් යාම වරදක් නොවේ – ලලිත් වීරතුංග

colombotoday