Colombo Today Local News

ඖෂධ ගන්න අමාත්‍යාංශ ප්‍රතිපාදන තවත් සියයට 1ක් කපාහරී

ඖෂධ ගෙන්වීම සඳහා මුදල් සොයාගැනීම වෙනුවෙන් සියලු අමාත්‍යාංශවලට වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදනවලින් සියයට 1ක් කපාහැරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අමාත්‍යාංශවලට වෙන්කළ මුදලින් සියයට 5ක් කපාහැරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය සතියේ තීරණය කළ අතර, මෙම සියයට 1ත් සමඟ අමාත්‍යාංශවල මුදල් ප්‍රතිපාදනවලින් සියයට 6ක් කපාහැරීම සිදුවන බව ඇමතිවරයා සඳහන් කළේය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (17)දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

ඖෂධ සඳහා අතිරේක රුපියල් කෝටි 1,000ක පමණ මුදලක් අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව කී ඇමතිවරයා එය ලබාදීමට වෙනත් ක්‍රමයක් නොමැති බව ද පැවසීය.

ඖෂධ සඳහා කෙසේ හෝ මුදල් ලබාදිය යුතු බැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව ද ගුණවර්ධන මහතා කීවේය.

Related posts

රනිල් වික්‍රමසිංහ අප්‍රසාදයට පත්කිරීමට මංගල සමරවීර මුදල් අමාත්‍යාංශය යොදාගෙන – සැලසුම ජනපති සජිත්, අගමැති මංගල වීමටයි

colombotoday

වැලිමඩ, බෝගහකුඹුර ජුම්මා පල්ලියේ භූගත කාමරයකින් කඩු, කිණිසි, පොරෝ ඇතුළු අවි ආයුධ තොගයක් එළියට…

colombotoday

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් සජිත් ඡන්දයට ගත්තද – නාමල් රාජපක්ෂ

colombotoday

නරුමයන් තුනක් අතින් අපයෝජනයට ලක්වූ හම්බන්තොට දැරිය මිය යයි

colombotoday

රනිල් ශ්‍රීලනිප ඇමතිලා ලවා කොස්ඇට බාවනවා..

colombotoday

ඤාණසාර හිමිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

colombotoday