Colombo Today Local News

2016 න් පසු බඳවාගත් රජයේ සේවකයන්ට ඉදිරියේදී දායකත්ව විශ්‍රාම වැටුපක්

රාජ්‍ය සේවයට 2016 න් පසු බඳවාගත් සේවකයන් වෙනුවෙන් දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට අවධානය යොමුකර ඇතැයි අගමැති සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාලිමේන්තුවේදී අද (17)දින පැවසීය.

පැවති රජය 2016 වර්ෂයේදී දැනට පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් හදුන්වා දිමට තීරණයක් ගෙන ඇතත් ඒ සඳහා ප්‍රායෝගික විකල්ප වැඩපිළිවෙළක් එම රජය යෝජනා කර හෝ ක්‍රියාත්මක කර හෝ නොමැති බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Related posts

ගෝඨා සීඅයිඩීයට කැඳවා ප්‍රශ්න කරන්න යයි !

colombotoday

“මහින්දට ආරක්ෂාව මදිනම් ගෙදරට වෙලා දොර වහන් ඉන්න කියන්න“ – ෆොන්සේකා

colombotoday

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අදයි

colombotoday

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සැරසේ

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන්ට කොවිඩ්

colombotoday

19 සංශෝධනය යටතේ අගමැති ඉවත්කළ නොහැකියි

colombotoday