Colombo Today Local News

ලංකාවේ උද්ධමනය සියයට 106 දක්වා ඉහළට

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතාගේ උද්ධමනය පිළිබඳ නවතම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථානයක් පහළට පැමිණෙමින් ලෝකයේ උද්ධමනය වැඩිම රටවල් අතර පස්වන ස්ථානය ලබාගෙන ඇත. පසුගිය දර්ශකයේ ශ්‍රී ලංකාවට හතරවෙනි ස්ථානය හිමිවී තිබුණි.

එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව නිල උද්ධමනය දෙසැම්බර් මස සියයට 66 ක් ලෙස සඳහන් වුවත් මෙරට සැබෑ උද්ධමනය සියයට 106 ක් බව ස්ටීව් හැන්කේ මහතා පෙන්වා දී ඇත. මීට පෙර නිකුත් වූ දර්ශකයේ හැන්කේ මහතාට අනුව ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 101 ලෙස සටහන් වූ අතර නව දර්ශකයේ එය සියයට 106 ක් දක්වා වැඩි වී තිබේ.

නවතම දර්ශකයේ ප්‍රථම ස්ථානය සිම්බාබ්වේටත්, දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත්, තෙවැනි ස්ථානය ලෙබනනයටත් හිමිව ඇත.

Related posts

මංගලගේ විකෘතිය ගැන රනිල්ගේ සමීපතමයෙක් පැහැදිළි කරයි !!

colombotoday

ලක්ෂ 120ක් වංචා කළ, කැලණිය ජල මණ්ඩල හිටපු ගණකාධිකාරීට වසර 37ක සිර දඬුවමක්

colombotoday

අපේ එකම රට ආරක්ෂා කරගන්න ඥානසාර හිමියන්ට මල්වත්තෙන් ආශීර්වාද.

colombotoday

කොරෝනා බවට තහවුරු වූ මිය ගිය පුතුගේ මෘත ශරීරයේ යළි PCR පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා පියා අධිකරණයට යයි

colombotoday

ඊ.පී.එෆ් මහජන සබඳතා කවුළු තාවකාලිකව වැසෙයි | සේවාවන් දුරස්ථව ලබා ගැනීමට දුරකථන අංකයක්

colombotoday

නිරෝධායන හෝ සංචරණ නීති කැඩුවොත් අවුරුදු 6ක් හිරේ

colombotoday