Colombo Today Local News

බණ්ඩි පොහොර තවත් සියයට 50කින් අඩු කරන්න කැබිනට් පත්‍රිකාවක්

බණ්ඩි පොහොර (MOP) මිල තවත් සියයට 50කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

දැනට රාජ්‍ය අංශයට අයත් පොහොර සමාගම් සතුව බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 28,600ක් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව එම බණ්ඩි පොහොර පිරිවැය ගාස්තු අඩු කිරීම මගින් සියයට 50ක මිල අඩු කිරීමක් කළ හැකි බව රජයට අයත් බණ්ඩි පොහොර සමාගම්වල සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසයි.

ඒ අනුව, බණ්ඩි පොහොර මිල සියයට 50කින් අඩු කිරීමට අදාල කැබිනට් පත්‍රිකාව මේ වනවිට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබෙනු ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

Related posts

යෝෂිත රාජපක්ෂ CIDයට

Admin

මත්කුඩු වටලන්න ගිය පොලිසියට ගල් ප්‍රහාරයක්

colombotoday

පැණි බීම, සීනි බද්දත් පහළට…

colombotoday

ඉස්ලාම් ආගමට අපහාස කළ ලාංකීකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණයෙන් දඩ

colombotoday

දෛනික PCR ධාරිතාව ඉහළ දැමීමට තීරණයක්

colombotoday

දේවගැති ජෙරම් CIDයට

Admin