Colombo Today Local News

අඹුසැමි යුවළකගේ මළසිරුරු වෙළඳසැලකින් හමුවෙයි

ඝාතනය කර ඇති බවට සැක අඹුසැමි යුවළකගේ සිරුරු වව්නියාව සෙට්ටකුලම ප්‍රදේශයේ තිබියදී සොයාගෙන තිබේ.

ඔවුන්ට අයත් වෙළෙඳසැලක් පසුපස පිහිටි කාමරයක තිබියදී ඔවුන්ගේ සිරුරු සොයාගෙන ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති පිරිමි සැමියා 78 හැවිරිදි වියේ පසුව ඇති අතර බිරිඳ 68 හැවිරිදි වියේ පසුව ඇත.

ඔවුන්ගේ පුත්‍රයා අද(30) උදෑසන එහි යනවිට මොවුන්ගේ මළසිරුරු දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම්දී තිබේ.

මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත්තේ ඔවුන් සතුව තිබූ පවුම් 5කට ආසන්න ප්‍රමාණයක් අතුරුදන්ව ඇති බවටයි.

සිද්ධිය සම්බන්ධයෙන් සෙට්ටිකුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක මත්ද්‍රව්‍ය සැගවූ ටෙනිස් බෝල

colombotoday

ඇමති සජිත්ගේ පොරොන්දු කුණු කුඩේට – නිවාස සංවර්ධන අධිකාරිය වැලිඔය සිංහලයන්ට කෙලී

colombotoday

දෙමටගොඩ චමින්දගේ සොයුරාට බොරැල්ලේදී වෙඩි

colombotoday

දෙසැම්බර් 9වනදා පොහොට්ටුවේ ජනාධිපතිවරයා දිවුරුම් දෙනවා – බැසිල්

colombotoday

තම අවසන් කටයුතු ගැන සෝභිත හිමියන්ගේ අවසන් කැමැත්ත! (Video)

colombotoday

උඩරට දෙමළ ජනතාව අගයන්න කැබිනට් අනුමැතිය

Admin