Colombo Today Local News

කාති උසාවියේ විනිසුරුවරයකු අල්ලස් ගද්දී මාට්ටු

කොළඹ උතුර (කාති) උසාවියේ විනිසුරුවරයකු එම කාර්යාලය තුළදී පුද්ගලයෙකුගෙන් රුපියල් 7500ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

මාවනැල්ල ප්‍රදේශයේ පුද්ගලයකු ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පැමිණිලිකරු නීත්‍යානුකූලව විවාහ වී ඇති දෙවන බිරිඳගෙන් වෙන් වීම සඳහා කාති උසාවියේ විනිසුරු විසින් දික්කසාද සහතිකය ලබා දීමට රුපියල් 7500ක් ඉල්ලා ඇති අතර එය ලබා ගන්නා අවස්ථාවේදී දෙමටගොඩ පිහිටි කොළඹ උතුර ( කාති) කාර්යාලය තුළදී අත්අඩංගුවට ගත් බව එම කොමිසන් සභාව කියයි.

Related posts

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු යුද හමුදාපති ශාන්ත කෝට්ටේගොඩ පත්කරයි…

colombotoday

මාස තුනක ණය හා පොලී ගෙවීමට අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගනී

colombotoday

චන්ද්‍රිකා එජාපයෙන් යලි දේශපාලනයට…

colombotoday

ICTA සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

යුක්තියේ මෙහෙයුමට ත්‍රිවිද හමුදා සහය

Admin

ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

Admin