Colombo Today Local News

පුරාවිද්‍යා අධ්‍යක්ෂ පත් කරන්න ඇමතිට බලයක් නෑ – ඇමති විදුර කියයි

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීමට ඇමතිට බලයක් නැතැයි සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ස්ථීර අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් නොකරන්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වික්‍රමනායක මහතා මේ බව සඳහන් කළේය.

අදාළ පත් කිරීමේ බලය තිබෙන්නේ ඇමති මණ්ඩලයට බව කී අමාත්‍යවරයා ස්ථීර වශයෙන් අධ්‍යක්ෂ ජනරාල් වරයකු පත්කරගැනීම සඳහා දැන්වීමක් පළකර අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයකට කැඳවා කටයුතු කරන ලෙස දැනුම් දී තිබෙන බවයි.

Related posts

බුද්ධගයා මහා විහාරයට දැඩි ආරක්ෂාවක්

colombotoday

අදන් ඩොලර් අර්බුදය අවසන්

Admin

ජනාධිපති මෛත්‍රීට එරෙහිව අල්ලස් සහ දූෂණ චෝදනා

colombotoday

චීන මහජන විමුක්ති හමුදාවෙන් ශ්‍රී ලංකා හමුදාවට එන්නත් පරිත්‍යාගයක්

colombotoday

ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ ජනපති මෛත්‍රීට විරෝධය පා කලු කොඩි ඔසවයි

colombotoday

මීගොඩ දී ඇල්ලූ මත්කුඩු ජාවාරම්කරු

colombotoday