Colombo Today Local News

පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් වලට පත්කර ඇති විශ්‍රාමික පොලිස් අධිකාරිවරයාගේ පත්වීම නීති විරෝධීයි!

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත උල්ලංඝණය කරමින් පාරිභෝගික කටයුතු අධිකාරියට වැටලීම් සදහා විශ්‍රාමික පොලිස් අධිකාරිවරයෙක් පත්කර ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

පාරිභෝගික කටයුතු අධිකාරියට නිළධාරීන් බදවා ගැනීම සිදු කල යුත්තේ බදවා ගැනීමේ පරිපාටියට අනුව වන අතර මෙම පත්වීම සිදුකර ඇත්තේ එම බදවා ගැනීමේ පරිපාටියද උල්ලංඝණය කරමින් බවත් එම සංවිධානය කියයි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කරන්නේ, මේ වන විට ඔහු විසින් ඔහුට හිතවත් විමර්ශණ නිළධාරීන් යොදා ගනිමින් ඔහුගේ හිතමිතුරන් පිනවීම සදහා වැටලීම් දියත් කරමින් සිටින බව ද මේ පිළිබදව ප්‍රකට ව්‍යාපාරිකයෙකු විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බවත් ඔහුට නීත්‍යායුකූල පත්වීමක් නොමැති නිසා කිසියම් වැටලීමකදී ඔහු සහභාගීවන්නේ නම් එම වැටලීම නීත්‍යානුකූල නොවන බවත් ඔහුගේ ඇතුලුවීම අයුතු ඇතුලුවීම ගණයට වැටෙන බවත් නීතීඥයින් විසින් එම සංවිධානයට උපදෙස් ලබා දී ඇති බවයි.

ඔහුගේ ඇතුලුවීම කිසියම් වෙළෙන්දෙකු විසින් අභියෝගයට ලක්කල හොත් මෙරට පාරිභෝගිකයින්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට තිබෙන පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාව ඉදිරියේ හෑල්ලුවට ලක් වීම පමණක් නොව එය අර්බුදයකට ලක්වීමටද ඉඩ ඇති බැවින් මෙවැනි අනීතික ක්‍රියා වහාම නවතන ලෙස එම සංවිධානය බළධාරීන්ගෙන් ඉල්ලා සිටී.

තවද අනීතික පත්වීමක් ලබාදී ඔහුට වැටුප් හා දීමනා ලබා දීම මගින් රාජ්‍යදේපල අවභාවිතා කිරීම පිළිබදව එම සංවිධානය විසින් මේ පිළිබදව වන පැමිණිල්ලක් අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම වෙත ඉදිරිපත් කර තිබේ.

ඉදිරියේදී මේ පිළිබදව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කරමින් සිටින බව එම සංවිධානය වැඩි දුරටත් සඳහන් කර සිටී.

Related posts

මැදවච්චියෙන් බෝම්බයක් හමුවෙයි

colombotoday

එජාපය හොරු සමග හෙළුවෙං හිටගනී.. අර්ජුන් සුද්ද කරන්න වෙනම කෝප් වාර්තාවක් ගෙනෙයි

colombotoday

අගමැති බැදුම්කර හොරෙක් නෙවෙයි.. ඔහු ඉල්ලා අස්විය යුතු නෑ – චන්ද්‍රිකා

colombotoday

අලුත් බද්දෙන් දුරකථන ගාස්තු වැඩිනම් අන්තර්ජාල ඇමතුම් ගන්න – Digital ඇමති ජනතාවට කියයි

colombotoday

බැදුම්කර – වංචා දූෂණ විවාදය පෙබරවාරි 6

colombotoday

ගම්පහ සියලු අවමංගල්‍ය කටයුතු පැය 24කදී අවසන් කළ යුතුයි

colombotoday