Colombo Today Local News

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන මුදල් දැඩි පාලනයකට යටත්ව නිදහස් කරන්න ICCයෙන් තීරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට නොවැම්බර් 10 වනදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය අද (21)දින පැවති අයි සී සී විධායක මණ්ඩල රැස්වීමේදී අනුමත කර තිබේ.

එනමුත් ක්‍රිකට් තහනම පැවතියද ශ්‍රී ලංකා ජාතික කන්ඩායම සහභාගී වන තරගාවලි සඳහා එමගින් බලපෑමක් ඇතිනොවන බවද අදාළ මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.

එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන මුදල් දැඩි පාලනයකට යටත්ව නිදහස් කිරීමටද එහිදී තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මෙම රැස්වීමට සහභාගී වී ඇති බවද සඳහන් වෙයි.

Related posts

මහින්ද හදිසියේම අගමැතිකම ගත් හේතුව ගෝඨා හෙළිකරයි…

colombotoday

දිවයින පුරා තවත් නගර 20ක් අද සිට අගුළු දමා ගනී

colombotoday

බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයට බැසිල්ගේ විරෝධය….

colombotoday

මහින්දානන්දගෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක් ප‍්‍රශ්ණ කරයි

colombotoday

ආණ්ඩුවට පනින බියගුළු වැඩ මම කරන්නේ නෑ

Admin

ගෑස් මිල වැඩිවෙන්නේ නෑ – රජයෙන් සහතිකයක්

colombotoday