Colombo Today Local News

වෛද්‍යවරුත් අද සිට පළාත් මට්ටමින් වැඩ වර්ජනයේ

අද (02)දින සිට පළාත් මට්ටමින් වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කරන්නේ, ඌව පළාතේ සියලු රෝහල් සහ සෞඛ්‍ය සේවා ස්ථානවල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි.

මෙහිදී එම ප්‍රදේශයේ සියලු දෛනික සේවාවන් අඩාල වන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

අද (02) උදෑසන 8.00 සිට මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මකයි.

හදිසි ප්‍රතිකාර සේවාවන්, මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා ප්‍රතිකාර ඒකක හා වකුගඩු ප්‍රතිකාර ඒකකවල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

පදනම් විරහිත චෝදනා ප්‍රතික්ෂේප කරනවා, බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය පරාජය කරනවා – එජාපය කියයි

colombotoday

ජවිපෙ අපේක්ෂකයෙකුගේ මෝටර් රථයට ගිනි තබයි

colombotoday

පාස්කු ප‍්‍රහාරයට වසරයි. තොවිලයේ නියම යක්කුන් භූතයින් එළියට එයි.

colombotoday

සමාජ මාධ්‍ය වීඩියෝවක් සම්බන්ධයෙන් තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

මුල්ලිවයික්කාල් කොටි සැමරුම් තහනම් කරයි

colombotoday

බොදු බල සේනා තරුණ සමුළුව – සජීවී විකාශය

colombotoday