Colombo Today Local News

නවක හෙද හෙදියන් 2,519කට අගමැතිගෙන් පත්වීම්

මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් නවක හෙද හෙදියන් 2,519ක පිරිසකට අද (17)දින පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් ලිපි ප්‍රදානය සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව, 2018 වසරේ බඳවා ගත් සිසු හෙද කණ්ඩායම යටතේ 2020 වසරේ ජනවාරි මාසයේ පුහුණුවීම් ආරම්භ කර සාර්ථකව පාඨමාලා සම්පූර්ණ කරන ලද සිසු හෙද හෙදියන් මෙහිදී පත්වීම් ලැබීමට නියමිතය.

මේ වනවිට දිවයින පුරා හෙද සේවයේ 42,000ක සංඛ්‍යාවක් සේවය කරන අතර මෙම බඳවා ගැනීමත් සමඟ මෙරට හෙද – හෙදියන්ගේ සංඛ්‍යාව 45,000 ඉක්මවා යනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

එක්සත් ජාතීන්ගේ කාන්තා තත්ත්වය පිළිබඳ කොමිසමට ශ්‍රී ලංකාවත්

Admin

“ලක්ෂ්මන් කිරිඇල්ල වහාම බෞද්ධයන්ගෙන් සමාව ගත යුතුයි” – ඕමල්පේ සෝභිත නාහිමි

colombotoday

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සහ අනිද්දා වැඩ වර්ජනයක්

colombotoday

අයවැය දෙවැනි වර විවාදයේ 6 වැනි දිනය අද

Admin

මා ආර්ථික පඬිවරයෙක්.. ගරා වැටුණු ආර්ථිකය ගොඩ අරන් මං අගමැති වුනාම සෑම පවුලකටම රුපියල් 20,000 ක ආධාරයක් ලබා දෙනවා

colombotoday

මෝදිගෙන් ගෝඨාභයට සුබ පැතුම්

colombotoday