Colombo Today Local News

වාලම්පුරියක් සමඟ හිටපු යුද හමුදා සෙබලෙක් මාට්ටු

බේරුවල ප්‍රදේශයට රුපියල් ලක්ෂ පහකට අලෙවි කිරීමට රැගෙන ආ වාලම්පුරියක් සමග හිටපු යුද හමුදා සෙබලෙක් බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මෙම වාලම්පුරිය දියතලාව ප්‍රදේශයේ සිට ත්‍රිරෝද රථයකින් බේරුවලට රැගෙන ඇවිත් තිබෙන බව ඒ සම්බන්ධව විමර්ශන කරන බේරුවල පොලිසිය පවසයි.

අත්අඩංගුවේ පසුවන 22හැවිරිදි සැකකරු කළක් හමුදාවේ සේවය කර ඇති අයකු බවත් පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

මෙම වාලම්පුරියේ බර ග්‍රෑම් 160 ක් බව පොලිසිය කියයි.

සැකකරු අද(15)දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

මහියංගනය, මාපාකඩ වැවේ ගිලී වෛද්‍යවරයෙක් මරුට

colombotoday

ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

ශී‍්‍ර ලංකාවට ලබාදෙන ජී. එස්. පී. ප්ලස් කපන්න යුරෝපා සංගමය තීරණය කරලා – සුමන්තිරන් කියයි

colombotoday

ජනපති මෛත්‍රී දකුණු කොරියාවේ ඉදිද්දී කිම් ජොං උන් කොරියාවම හෙල්ලෙන්න කරපු වැඩේ !

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සමග ජාවාරම්කරුවන් 5ක් වත්තලදී අත්අඩංගුවට..

colombotoday

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා මානව හිමිකම් ක්‍රියාකාරි චිරන්තගෙන් පෙත්සමක්

Admin