Colombo Today Local News

අයිස් මත්ද්‍රව්‍ය සමග ජාවාරම්කරුවන් 5ක් වත්තලදී අත්අඩංගුවට..

අයිස් හා ගංජා මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි සැකකරුවන් 5 දෙනෙකු වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් කළ මෙහෙයුමකින් ය.

සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 550ක් ගංජා කිලෝ ග්‍රෑම් 9ක් සොයාගෙන තිබේ.

මත්ද්‍රව්‍ය විකිණීමෙන් උපයාගත් රුපියල් 71,000 ක්ද ඔවුන් සතුව තිබී පොලිස් භාරයට ගැනිණි.

අවුරුදු 25 ත් 40 ත් අතර වයස්වල පසුවන සැකකරුවන් වත්තල, මාබෝල හා පෑලියගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

මේ අතර මිහිජය සෙවන, තලංගම, අඟුලාන හා බොරැල්ල ප්‍රදේශවලදී හෙරෝයීන් ජාවාරම් කළ තවත් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තීබී හෙරෝයින් ග්‍රෑම් 23 ක් සොයා ගෙන ඇති අතර සැකකරුවන් අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Related posts

කොළඹ – බදුල්ල මාර්ගයේ හාලිඇල උඩුවර ප්‍රදේශයෙන් අද සිට බස් ධාවනය සීමා කෙරේ..

Admin

රඹුක්කන සිද්ධිය ගැන පරීක්ෂණයක් අත්‍යවශ්‍යයි – අමෙරිකානු තානාපතිනිය

colombotoday

මධුෂ්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

colombotoday

නිරෝධායන රීති කැඩූ 491ක් අත්අඩංගුවට

colombotoday

රජයට පාඩු කළ චෝදනාවට ඇමති කෙහෙළිය ඇතුළු තිදෙනෙක් ට රටින් පිටවීම තහනම්

Admin

උසස් පෙළ සිසුන්ට වහාම දෙවන එන්නත් මාත්‍රාව ලබා ගන්නැයි සෞඛ්‍ය අංශ කියයි

colombotoday