Colombo Today Local News

‘මෙවර අයවැයෙන් ජනතාවට කිසිම සහනයක් නැහැ..’

මෙවර අයවැයෙන් ජනතාවට කිසිම සහනයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

රාජ්‍ය සේවකයාට රුපියල් 10000ක දීමනාව ලැබෙන්නේ අප්‍රේල් මාසයේ සිට බව පැවසූ මන්ත්‍රීවරයා විශ්‍රාමිකයන්ටද 2500 දීමනාව ලබාගැනීමට අප්‍රේල් මාසය තෙක් බලා සිටීමට සිදුවන බව ද ප්‍රකාශ කළේය.

අයවැය එන්න පෙර වැට් එක ගැසූ හෙයින් ජීවන වියදම අහස උසට ගොස් ඇතැයිද ඔහු පැවසීය.

වැට් බද්ද නිසා අද සිට සියලු භාණ්ඩවල මිල ඉහළ යන බවද මහාචාර්යවරයා කීය.

දැනට හත් ලක්ෂයක් විදුලිය විසන්ධි කර ඇති බවත් මේ කිසිදු ප්‍රශ්නයකට මෙවර අයවැයෙන් විසඳුම් නැති බවත් මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අය-වැය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකදීය.

Related posts

මිල කළ නොහැකි ගජමුතු ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙක් කොටු

colombotoday

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි අපවත්වෙති

colombotoday

ගල් ප්‍රහාරයකින් පොල්පිතිගම පුද්ගලෙයෙක් මරුට

colombotoday

මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 6000 ඉක්මවයි – අවසන් දින 9ට ආසාදිතයින් 1000ක්

colombotoday

බීඩි කොළ කිලෝ 1,500ක් සමග සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට

colombotoday

පොඑපෙ ගැබිණි ප්‍රා. මන්ත්‍රීනියකට පහර දුන් සමගි ජන බල වේගයේ ප්‍රා. මන්ත්‍රීනිය අත්අඩංගුවට

colombotoday